හැමදාමත් ආදරෙන් ඉමු

0
16


හැමදාම ආදරෙන් ඉන්න අපි හරිම ආසයි. ඒ වගේම එන්න එන්න ආදරේ වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා ඔබට හිතෙනවා ඇති නේද? වෙනදට වඩා ආදරේ අඩු වෙලා කියලා දුක් නොවී අපි මේ දේවල් කරලා බලමු.

ඔබේ පෙනුමේ, ඔබට ගැලපෙන, ලස්සන පුංචි වෙනසක් කරගත්තොත් හොඳ නැද්ද? ඇඳුමේ, කොන්ඩේ, ඇහි බැමේ, ලිප්ස්ටික් එකේ, සපත්තුවල, මේ වෙනස ඔබව අලුත් කරනවා .

ඔබට ඔහුගෙන් චෝදනා ලැබෙන්නේ මොනවා සම්බන්දයෙන්ද? හොඳට මතක් කරන්න. ලිස්ට් එක දිග නම් කොලේක ලියා ගන්න. මේ හැම චෝදනාවකටම ලක්වන ඔබේ හැසිරීම වෙනස් කරගන්න. ටිකක් අමාරු වෙයි කියලා හිතුවත්, ආදරේට කරන්න බැරි මොනවද?

ඔබ ඔහුට තෑගී දෙන්නේ විශේෂ දවසක, විශේෂ හේතුවකටනේ. ඒ අතර වාරයේ ඔහුව පුදුම කරවන පුංචි පුංචි තෑගී දෙන්න. එය පුරුද්දක් කරගන්න.

ඔහු උදව් ඉල්ලන හැම විටම ඔබේ කැමැත්ත අකමැත්ත නොහිතා උදව් කරන්න. ඔබ විශේෂ කෙනෙකු බව වැඩිකල් නොයාම ඔහු තේරුම් ගනීවි.

දෙදෙනාගේම විනෝදාංශයක එකට යෙදෙන්න. විනෝදය තරමටම සමීපත්වයද වැඩි වේවි .

නිතරම ඔහු අමතමින් කරදර කරන්න එපා. ෆ්‍රී වෙලාවක කෝල් කරන ලෙසට පණිවිඩයක් තබන්න. ඔහුගේ වැඩ රාජකාරි වලට ඔබ ගරු කරන බව පෙන්වන්න.

‘ඉතින් මහලොකු දෙයක් නෙමේ ඔය ටික’ මම කරන්නම්කො කියලා ඔබ හිතයි. ඒත් අමතක කරන්න එපා මේ හැම වෙනසකටම ඉවසීම ඕනා. ඒ නිසා මේ හැමදෙයක් අතරේ ඒ ගැන සැලකිලිමත් වෙන්න.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here