හැඩට වැඩට ඇවිදින්නට ඔබට තියන්නම ඕන පාවහන් වර්ග 5ක්

0
14


ගෙදර සපත්තු කඩයක්වගේ සපත්තු ගොඩ ගහල තිබුණට තැනකට හරියට දාන්න පුළුවන් සපත්තු දෙකක් නැතිනම් වැඩක් නැහැ. එකම වර්ගයෙන් වවිධ වර්ණයන් ගෙන් යුතු සපත්තු මිලදීගෙන තැන්පත් කරගෙන හිටියොත්වෙන්නෙ නිකම්ම මුදල් නාස්තිවෙන එක විතරයි. තවත් සමහරු එකම සපත්තු කුට්ටම හැම දේටම දානවා. මේකත් එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා අපි  බලමු ඔබ ලග තියෙන්නම ඕන පාවහන් වර්ග මොනවද කියල.

cuteflatshoestotry1

ජීන්ස්, සාය, ගවුම් ආදී  ඕනෑම ඇඳුමක් සමඟ ගලපා ගත හැකි අතර ඕනෑම ගමනක බිමනකට කිසිම ගැටලුවක් නැතිව භාවිතා කල හැකියි. කළු, අළු හෝ ලා දුඹරු පැහැති ෆ්ලැට්ස් ඕනම කෙනෙත්ට ගැලපෙනවා. ඔබ වාහන පදවන කාන්තාවක් නම් driving flats සපත්තු කුට්ටමක් අනිවාර්යයෙන්ම ළඟ තබාගන්න.

වැඩිය උසනැති කකුළට සනීප, කොන්දට අපහසුවක් නැති සපත්තු තෝරාගන්න. වෙනත් ගමන් බිමන් සඳහා මෙම සපත්තු භාවිතා කිරීමෙන් වළකින්න. වඩා විසිතුරු සපත්තු කාර්යාලයට ගැලපෙන්නේ නැති නිසා කළු, දුඹුරු, අළු වැනි පැහැයන් තෝරාගන්න.

pump-shoes

සාදයකට, උත්සව අවස්ථාවකට නැතිවම බැරි දෙයක් තමයි අඩි උස සපත්තු. Pumps සපත්තු කළු වර්ණයෙන්ම භාවිතාකලයුතු නැහැ.  සමේ වර්ණයෙන් යුත්/Nude සපත්තු යුගලක් ඔබට වැදගත්, ලස්සන පෙනුමක් ලබාදේවී. Pointed toe pump එහෙමත් නැතිනම් ඉදිරි‍යෙන් උල් පෙණුමක් ඇති අඩි උස සපත්තු  කියන්නෙ ලෝකයේ ප්‍රසිද්ධම සහ කිසිදා වෙනස් නොවන විලාසිතාවක්. Peep toe pump/ ඇරුණු අඩි උස සපත්තු සාරියකටත් කදිමයි.

sandals

සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම සැන්ඩ්ල්ස් යුවලක් ළඟ තබාගත යුතුයි. ගමනට බිමනට සැන්ඩ්ල්ස් අනිවාර්යයි. ඕනෑම ඇඳුමක් සමඟ ගලපාගත හැකි අතර සැඳෑ සාදයකට යන්න, සාප්පු යන්න ගැලපෙනවා. රත්‍රං හෝ රිදී පැහැති සැන්ඩ්ල්ස් ඔබේ දෙපයට ආබරණයක්.

sneekers

ඔබ හවසට ඇවිදින්න යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙම වර්ගයේ සපත්තු දෙකක් ළඟතබාගත යුතුයි. ඒ වගේම කන්දක් නඟින්නවෙන, දිගු දුරක් ඇවිදින්න විනෝද ගමනකදි ඔබට සාමාන්‍ය සපත්තු දෙකක් දමාගෙන යන්න බැහැ. එය සපත්තුවලට වගේම ඔබේ දෙපයට හානියක් වෙන්න පුළුවන්. හදිසියකට ඩෙනිම් කලිසමක් සමඟ ගලපාගන්නත් පුවවන්. ඉන් ඔබට හොඳ sporty look එකක් ලැබේවි.

flip-flops

සාමාන්‍ය සපත්තු වතුර, වැලිවගේ දේවල්වලට ඔරොත්තුදෙන්නෙ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම පූල්එකට හෝ බීච්එකට යනකොට ගෙනියන්න වෙනම flip-flops හෝ රබර් සපත්තු යුගලයක් තබාගන්න.

අරපරෙස්සමින් ජීවත්වෙන්න නම් අනිවාර්යයෙන්ම සපත්තු උණ පාලනය කරගන්න ඕන. අපි මේ කතාකර ඇති සපත්තු වර්ග කුමන තාලයක්, රැල්ලක් ආවත් වෙනස් වෙන්නෙ නැති පාවහන් වර්ග. හැබැයි ඉතිං  මේටිකට අමතරව වෛවර්ණ සපත්තු මිලදිගන්න කිසිම තහනමක් නැහැ.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here