හර්ෂ පක්ෂයේ බලය අල්ලලාද – සජිත් හදිසියේ වීඩියෝවක් නිකුත් කරයි – Saru News | සිංහල

0
11

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් ගෙනගිය `අසභ්‍යකරන’ ප්‍රචාරයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ශ ද සිල්වා ප්‍රකාශයක් කිරීමෙන් පසුව එම පක්ෂය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බව අනාවරණය වී තිබේ.

එම අර්බුදයේ තියුණු බව නිසාම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හදිසියේම වීඩියෝවක් නිකුත් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශයේදී ඔහු අවධාරණය කර තිබෙන්නේ 06 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ නවතදා දැමීම ජනාධිපති ප්‍රමුඛ රජයේ ක්‍රියාමාර්ගයක් බවය. එහි වගකීම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිස මත පැටවීමට ආණ්ඩුව අසාර්ථක ප්‍රයත්නයක් දරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් `අධ්‍යාපනය අසභ්‍යකරනය’ කරන බව කියමින් අගමැති අචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මුළින්ම අත්සන් තැබීය. මේ අතර මන්ත්‍රී මුජිබර් රහුමාන් නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙන්නේ විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම ගෙන එන බවය. නමුත් සජිත් ප්‍රේමදාස හද්සි වීඩියෝවක් නිකුත් කරමින් 06 ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කර ඇත.

මේ දක්වා සමගි ජන බලවේග අභ්‍යන්තරයේ පැවති ගැටුම් එළිපිටම සිදුවන තරමට පුපුරාගොස් ඇති බව මෙම කරුණු අනුව පැහැදිලි වේ.

එමෙන්ම මේ වනවිට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයින් සිව් දෙනෙකු පත් කිරීමෙන් පසු එම නියෝජිතයින් අතර ජාත්‍යන්තර වශයෙන් වංචා දූෂණ සම්බන්ධ සිදුවීමට වරද කරුවන් වූ අයෙකුද සින්නේ යැයි චොදනා කරමින්ද පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තුළින් විරෝධය මතුව ඇතැයිද වාර්තා වේ.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here