Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් හයේෂිකා වෙනුවෙන් නීතීඥවරු 25 ක බලැණියක් කැඳවලා – උසාවිය ඉදිරියේ ජනතා...

හයේෂිකා වෙනුවෙන් නීතීඥවරු 25 ක බලැණියක් කැඳවලා – උසාවිය ඉදිරියේ ජනතා උද්ඝෝෂණ

0
4


a-team-of-25-lawyers-has-been-summoned-on-behalf-of-hayeshika-public-protests-in-front-of-the-court

අත්අඩංගුවට පත්වන්නට පෙර ඉන් මිදී පැන ගිය ‘ටීචර් අම්මා’ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතීඥයින්  25ක විශාල කණ්ඩායමක් මීගමුව අධිකරණ භූමියට අද දින පැමිණ ඇතැයි වාර්තාවේ.

ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු ඇතුළු නීතිඥවරුන් 25 දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ ඇත්තේ පොලිසියෙන් සැඟවී පලා ගොස් සිටින සැකකාරිණී හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තියගේ ස්වාමි පුරුෂයා හා කළමනාකරු අද දින නඩුවට පෙනී සිටින අවස්ථාවටය. මේ අතර අද දිනයේදී හයේෂිකා උසාවියට බාරවනු ඇති බවටද කතාවක් පවතී.


ලැබී ඇති තොරතුරු අනුව, මෙම නඩුව සඳහා විත්තිකරුවන්ගේ පාර්ශවයෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා ඇතුළු ප්‍රකට නීතිඥවරුන් රැසක් පැමිණ තිබේ.
තමන්ගේ කාර්යාලයේ සේවය කළ තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් පහර දීමේ චෝදනාවකට සැකපිට හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ඇයගේ ආයතනයේ කළමනාකාරීවරයා කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පවත්වන ලද අධිකරණ විභාගයෙන් අනතුරුව මැයි මස 13 වන දින දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.
පීඩාවට පත් තරුණයාගේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය, ඇයගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකරු
මෙම තරුණයාට තර්ජනය කර ඇත්තේ තරුණයාගේ සොයුරිය හයේෂිකාට අවාසි වන ආකාරයට දැමූ ෆේස් බුක් පෝස්ටුවක් ගැන කියමිනි.
ඔවුන් එක්ව ඔහුව බිම දමා පයින් පහර දී ඇති අතර හයේෂිකාගේ උල් සපත්තුව මෙම තරුණයාගේ රහස් පෙදෙස පසාරු කරගෙන යන ආකාරයට දරුණු පහරක් වැදී තිබේ. මෙම ප්‍රහාරයෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත් තරුණයා මීගමුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වී තිබේ.


සැලකිය යුතු කරුණක් වන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සතියක කාලයක් ගත වී ඇතත්, ප්‍රධාන සැකකාරිණිය වන හයේෂිකා ප්‍රනාන්දු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වීමයි. පොලිස් විමර්ශන කණ්ඩායම් තුනක් මෙම කාර්යය සඳහා යොදවා ඇතත්, ඇය සොයා ගැනීමට නොහැකි වී ඇත.
මේ අතර, අද දින මීගමුව අධිකරණයේදී සැකකාර ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී, හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් කිඹුලාපිටිය – ගල්මංකඩ ප්‍රදේශවාසීන් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්ද ආරම්භ කර තිබුණි. මෙම විරෝධතාවට පීඩාවට පත් තරුණයාගේ පාර්ශ්වයෙන් විශාල පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here