මිනිසා ඇතුලු සත්වයන් විවිධ අවස්ථාවලදී විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරු වීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වෙලාවට ගෙදරදීම සුලු අත්බෙහෙතක් කරල බලන්න අපේ පැරැන්නෝ දැනන් හිටිය. මෙි සදහාා භාවාතා කලේ ගෙදර වත්තෙන්ම සොයා ගත්තු බෙහෙත්.. හදිසියේ ඇතිවෙන මේ වගේ සුලු රොගාබාද සුවකර ගන්න සොබා දහම අපට ස්වාභාවික ඔසු ගණනාවක්ම තිලිණ කර තිබෙනවා.
ඉතින් ඒ ඉසිවර ඔසුවල පහස ලබා අප සුවපත් වෙමු. අද ගෙනාවේ අජීර්ණය සදහා ප්‍රතිකාර කිහිපයක්
ආහාර නිසි පරිදි නොදිරවීම නිසා බොහෝ දෙනෙක් අපහසුවට පත් වනවා.ඒ නිසා ආහාර නොදිරවීමේ තත්වය ආයුර්වේදයේ හඳුනා ගන්නේ අජීර්ණයක් ලෙසටයි.ආයුර්වේදයට අනුව අජීර්ණයට බලපාන්නේ අග්නිමන්දතාවයයි.
වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන සන්කූලතා මෙන්ම දියවැඩියාව වැනි රෝගයන් නිසාද එයට සමගාමීව විවිධ රෝග ලක්ෂණයන් පෙන්වනවා. ඒ වගේම විවිධ රෝග හටගන්නවා. එම නිසා ඉහත රෝග ලක්ෂණයන් හොඳින් අවබෝධ කරගෙන අදාළ ඔසු තෝරා ගැනීම සුදුසුයි.
– චම්මි –
Saru FM Media