සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගෝනෙකු දඩයම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී ආඥා පනත උල්ලංඝනය කිරීමට අදාළව මොවුන් අත්අඩංගුව ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේ.

අදාළ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයින් දෙදෙනෙකු තවත් දඩයක්කරුවෙකු සමග දඩ‍යමේ ගොස් ඇති අතර ඒ පිළිබඳව ඔවුන් විසින් එක් ගම්වාසියෙකුට පවසා තිබේ. එම පුද්ගලයා විසින් මේ පිළිබඳව ගම්වාසීන් දැනුවත් කර ඇති අතර දඩයමේ ගිය පිරිස සත්වයා ඝාතනය කර පැමිණෙන විට ඔවුන් එක්ව ඊට විරෝධය දක්වා ඇත.

එහිදී හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස සහ ගම්වාසීන් අතර නොසන්සුන්තාවයක් හට ගෙන ඇති අතර එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයින් දෙදෙනෙකු හා ගම්වාසීන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය කරගත් තොරතුරු මත හිටපු ස්ථානාධිපතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ද විමර්ශන සිදුකෙරෙන බවත් සඳහන්.

සැකකරුවන් හෙට (07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here