වහල මත සවිකර ඇති සූර්යබල පද්ධති තාවකාලිකව නවතා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය අද (14) යළිත් නිවේදනයක් නිකුත් කරමින් සූර්ය පැනල බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
එහිදී නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ අප්‍රේල් 21වනදා දක්වා සෑම දිනකම පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම පද්ධති අක්‍රියකර මේ සඳහා දායකත්වය දක්වන ලෙසයි.
අවුරුදු නිවාඩු සමය තුළ පාරිභෝගික ඉල්ලුම අවම මට්ටමක පවතින අවස්ථාවක හිරු එළිය සහිත තත්වයන් තුළ සූර්ය බලශක්තියේ ඉහළ නිෂ්පාදනයක් ඇතිකරන බවත්, එමගින් ජාලක ස්ථායිතාව බරපතළ අවදානමකට ලක්වන බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මෙලෙස විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන විට සහ හිරු එළිය බහුල ශ්‍රී ලංකාව පමණක් නොව ලොව ඕනෑම රටක් මෙම අභියෝගයට මුහුණදීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.
Saru FM Media