සුන්දර සිහින් සිරුරක් ලබා දෙන Detox Diet Plan

0
16


අපේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරන ගමන් ශරීරයේ තැන්පත් වෙන විෂ ඉවත් කරන diet plan එකක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.මෙය detox diet plan ලෙස හඳුන්වන අතර ඔබට මෙය දින තුනක් හෝ දින හතක් වැනි කාල පරාසයන් වලදී අනුගමනය කල හැකියි.

තෙල් සහිත ආහාර සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර පරිභෝජනය කිරීම මගින් ගැස්ට්‍රයිටීස් වැනි තත්වයන් ඇතිවීම ,නිතර නිතර මුහුණේ කුරුලෑ හට ගැනීම ,හිස කෙස් ගැලවී යාම , අජීරණ තත්ත්වයන් ඇතිවීම සහ මළබද්ධය වැනි තත්ත්වයන් ඇතිවීමට හේතු වෙනවා.Detox diet plan එක අනුගමනය කිරීම මගින් ඉහත කී අහිතකර තත්වයන්ගෙන් මිදීමට ඔබට හැකියාව ලැබෙනවා

හිමිදිරි උදෑසන ( පෙරවරු 7.30 – 8.00)

උදෑසන ඩිටොක්ස් පානය – මහදුරු ඇට තේ හැඳි දෙකයි ,දෙහි යුෂ මේස හැඳි එකයි , වතුර කෝප්ප එකයි

උදෑසන ආහාරය ( පෙරවරු 8.45 – 9.15 )

ඩිටොක්ස් ස්මූති – අලිගැට පේර ගෙඩි බාගයයි , චියා බීජ මේස හැඳි එකයි ,පිරිසිදු මී පැණි මේස හැඳි එකයි ,ඔබේ රික්ගේ පිහි පහක් හෝ හයක්

කෙසෙල් ගෙඩි එකක් ,blueberry ගෙඩි පහක් හෝ හයක් ,මීපැණි මේස හැඳි එකක් , කිරි කෝප්ප භාගයක්

මධ්‍යම උදෑසන ( පෙරවරු 10.30 – 11.00)

ඩිටොක්ස් ස්නැක් – දොඩම් ගෙඩි එකක් ,ආමන්ඩ් ඇට කිහිපයක්

ඇපල් ගෙඩි එකක් ,ආමන්ඩ් ඇට කිහිපයක්

දහවල් ආහාරය ( පස්වරු 12 30 – 1.00 )

ඩිටොක්ස් ආහාර – රතු බත් කෝප්ප එකක් , ඔලිව් තෙල් වලින් බදින ලද බිම් මල් සහ කැරට් , චෙරි තක්කාලි

චෙරි තක්කාලි, අලිගැටපේර ,කහ පැහැති බෙල්පෙපර් සහ කුකුල් මස් යොදා සැකසූ සලාද කෝප්ප එකක් ( අවශ්‍ය නම් salad dressing එකක් ලෙස ඔලිව් තෙල් ස්වල්පයක සහ ස්වල්පයක් භාවිතා කරන්න )

දිවා ආහාරයෙන් පසු සුළු කෑම  ( පස්වරු 3.00 – 4.00 )

ඩිටොක්ස් ස්නැක් – පිපිඤ්ඤා පෙති කිහිපයක් සමග දොඩම් යුෂ කෝප්ප එකක්

පිපිඤ්ඤා පෙති කිහිපයක් සමග පොල් වතුර කෝප්ප එකක්

රාත්‍රී ආහාරය ( පස්වරු 7.00 )

ඩිටොක්ස් ආහාර – එළවළු සහ බිම් මල් සුප් කෝප්ප එකක්

එළවළු සහ කුකුල් මස් සුප් කෝප්ප එකක්

දින තුනක detox diet plan එක සකස් කර තිබෙන්නේ ඔබට ඉතාම පහසු අයුරින්.මෙහි අඩංගු සියලුම අමුද්‍රව්‍ය ඔබට ඉතා පහසුවෙන් මිලදී ගන්න පුළුවන් ඒවා වන අතර, ඒවා සකස් කිරීමේදී තෙල් භාවිතය ඉතා අඩු වන අතර සලාද සහ ස්මූති වර්ග නිසා ඔබේ ශරීරයට ලැබෙන පෝෂණ ගුණය ද ඉතා ඉහළ වනවා.මෙහිදී භාවිතා කරන සියලුම ආහාරවල කැලරි ප්‍රමාණය ඉතා අඩු වන අතර ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් , ඛනිජ ලවණ ,ආහාර තන්තු සහ ප්‍රෝටීන් වර්ග ලබා දෙනවා.

දින තුනක් පුරාවට අත්හදා බැලිය යුතු මෙම ඩයට් ප්ලෑන් එක අවසානයේදී ඔබේ ආමාශයේ ඇති ගැටලු පහව යාමට පටන් ගන්නා අතර ඔබට සෞඛ්‍ය සම්පන්න බවක් ද දැනෙනු ඇත .එමෙන්ම ඔබේ සමයේ සහ හිසකෙස් වල ඇති ගැටලු ද අවම වීම ආරම්භ කෙරෙනවා. ඉන්පසුව මෙම ඩයට් ක්‍රමයම හෝ දින හතේ ඩයට් ක්‍රමය අනුගමනය කරන්නට ඔබට පුළුවන්

හිමිදිරි උදෑසන ( පෙරවරු 7.30 – 8.00 )

ඩිටොක්ස් වතුර – දෙහි යුෂ එකතු කළ මද රස්නය සහිත වතුර කෝප්ප එකක්

උදෑසන ආහාරය ( පෙරවරු 8.45 – 9.15 )

ඩිටොක්ස් උදෑසන ආහාරය – ලූනු, තක්කාලි ,බිම් මල් සහ සුදු ලූණු යෙදූ බිත්තර ඔම්ලට් එකක්

පලතුරු වර්ග දෙකක් එකතු කළ ඕට්ස් කෝප්ප එකක්

මධ්‍යම උදෑසන ( පෙරවරු 10.30 – 11.00 )

ඩිටොක්ස් ස්නැක් – නැවුම් පලතුරු යුෂ කෝප්ප එකක්

පලතුරු සලාද කෝප්ප එකක්

දහවල් ආහාරය ( පස්වරු 12. 30 – 1.00 )



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here