සීනී බදු අඩු කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ඉවතට

0
16


අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ඉකුත් රජය සමයේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ගොනු කළ පෙත්සමකට අදාළවයි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස  කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here