සිර මැදිරියේ සිටි සැකකරුවෙකු සමග පාටි දැමු පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

0
14


සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සමග මත්පැන් සාදයක් පැවැත්වූ අලුත්ගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ තවත් පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

එලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අලුත්ගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේයි.

ඉකුත් 02 වනදා හෑෂ් මත්ද්‍රව්‍යය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු  ප්‍රශ්න කිරීමට යැයි පවසා වැඩ තහනමට ලක් කරන ලද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින්  සැකකරුව සිය නිල කාමරය වෙත රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි කළුතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කළේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here