සිරුරේ සුන්දරත්වය රැක දෙන පෝෂණයෙන් පිරි ස්මූති වර්ග

0
17


කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියන එක සමහරු නිතරම කියනවා.තව සමහර අය මහත් වෙන්න හිතාගෙන විවිධ ක්‍රම අනුගමනය කරනවා.නමුත් ඒ බොහෝ ක්‍රම ඔබට අතුරු ආබාධ ඇති කරන ඒවා.අද අපි ඔබට කියන්නේ සෞඛ්‍ය සම්පන්න විදියට මහත් වෙන්න නම් ඔබට පානය කරන්න පුලුවන් ස්මූති වර්ග කීපයක් හදාගන්න විදිය ගැන

ස්ට්‍රෝබෙරි ,අලිගැටපේර සහ කෙසෙල් කියන්නේ ඔබේ දවස ආරම්භ කරන්න පුලුවන් හොඳම පලතුරු වර්ග තුනක්.ඒ වගේම සෞඛ්‍ය සම්පන්න මේද මෙහි ඇතුලත් වන නිසා මෙය පානය කිරීමෙන් ඔබට තෘප්තිමත් බවක් දැනෙනවා. ඒ නිසා නිතර ආහාර ගැනීමෙන් අනවශ්‍ය විදියට ඔබේ බර වැඩි නොවී සාමාන්‍ය පමණට ඔබේ ශරීරයේ බර වැඩි වී ඔබේ සිරුරට පිරිපුන් බවක් ලබා දීම සිදු වෙනවා

වැනිලා රසැති යෝගට් 1
නැවුම් කිරි කෝප්ප බාගයක්
ශීත කල ස්ට්‍රෝබෙරි ගෙඩි 2 – 3
ශීත කල අලිගැටපේර ගෙඩි බාගයක්
කෙසෙල් ගෙඩියක්
වැනිලා තේ හැඳි බාගයක්

මුලින්ම කිරි සහ යෝගට් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න

එයට ස්ට්‍රෝබෙරි, කෙසෙල් සහ අලිගැටපේර එකතු කර නැවත බ්ලෙන්ඩර් කරන්න

අවසානයට වැනිලා එකතු කරන්න

දියර ගතිය මදි නම් අවශ්‍ය නම් පමණක් කිරි එකතු ප්‍රමාණය වෙනස් කරගන්න

මේ smoothie එක මගින් ඔබේ දෛනික තන්තු අවශ්‍යතා වලින් 25% ක් සපුරාලනවා.එමෙන්ම යෝගට් මගින් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවනවා.සෞඛ්‍ය සම්පන්න මේද ඇතුලත් නිසා අධික ලෙස ඔබේ සිරුර අවලස්සන වන විදියට බර වැඩි වීමක් මෙහිදි සිදු වන්නේ නෑ.

වැනිලා යෝගට් 1
කිරි කෝප්ප බාගයයි
ශීත කල ස්ට්‍රෝබෙරි 2 – 3
ශීත කල කෙසෙල් ගෙඩි 1
රටකජු බටර් තේ හැඳි 2

සියලු අමුද්‍රව්‍ය හොඳින් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න

දියර ගතිය අවශ්‍ය නම් කිරි ප්‍රමාණය වැඩි කරගන්න

අවශ්‍ය නම් අමුද්‍රව්‍ය බ්ලෙන්ඩර් කරනවිට අයිස් කැට කීපයක් එකතු කරගන්න

කෙසෙල් මගින් ඔබේ ශරීරයට පොටෑසියම් ,තන්තු සහ ප්‍රෝටීන් එකතු කරන අතර යෝගට් මගින් ඔබේ ආහාර ජීර්ණය පහසු කරවනවා.එමෙන්ම ඩාක් චොකලට් මගින් ඔබේ හෘද සෞඛ්‍ය වැඩිදියුණු කරනවා. ඉතින් අධික ලෙස තරබාරු සිරුරක් වෙනුවට පිරිපුන් ලස්සන සිරුරක් පවත්වාගෙන යන්න කැමති ඔබට මේ smoothie එක පානය කරන්න පුලුවන්

යෝගට් 1
නැවුම් කිරි කෝප්ප බාගයයි
ශීත කල කෙසෙල් ගෙඩි 2
ඩාක් චොකලට් කැබලි 2 – 3
අයිස් කැට අවශ්‍ය පමණ

සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩර් කරගන්න

චොකලට් කැබලි සිටින සේ පානය කිරීමට අවශ්‍ය නම් එය අනෙක් අමුද්‍රව්‍ය මිශ්‍ර වූ පසු බ්ලෙන්ඩර් එකට එකතු කර විනාඩියක් පමණ බ්ලෙන්ඩර් කරගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here