බර අඩු කරගැනීමට අපි කවුරුත් කැමැතියි.ඉතින් අද කියන්නෙ වතුර බීල ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සිරුරේ බර අඩු කර ගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.ජපන් Water Therapy ක්‍රමය නමින් හැඳින්වෙන මේ ක්‍රමය ගැන අපි අද කතා කරමු.
මේ ක්‍රමය වඩාත් ජනප්‍රිය ජපානය තුල. ජපන් වැසියන් ස්වභාවික දේවල් තමන්ගෙ සෞබ්‍යය රැකගන්න බොහෝවිට උපයෝගී කර ගන්නවා.ඒ අතරින් ජලය කියන්නෙ තමන්ගෙ සෞබ්‍යමත් බව වෙනුවෙන් වැඩි බලපෑමක් කරන බව ඔවුන් වැඩිපුර විශ්වාස කරනව. ඔවුන් ඒ සදහාම නිවැරැදි ක්‍රමවේදයක් හඳුනා ගෙන තිබෙනවා. එය ජපන් ජල ප්‍රතිකාරය හෙවත් water therapy කියල හඳුන් වනව. ඉතින් ජපන් වැසියන් අතර ජනප්‍රිය වතුර පානය කිරීමෙන් බර අඩුකරගැනීමේ ප්‍රතිපලදායි ක්‍රමය ගැනයි මේ ලිපියෙන් ඔබට කියන්නේ.
බොහෝ රෝග ආරම්භ වන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන බඩවැල් වලින් ය. ජපන් ජල චිකිත්සාව ( water therapy ) ඔබේ උදරය පිරිසිදු කිරීමට සහ ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
ජපන් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ට අනුව ඔවුන් නිර්දේශ කරන්නේ උදේ පාන්දරින්ම අවදි වූ වහාම ජලය පානය ලෙසයි.ඔවුන් එම අලුයම් කාලය ‘රන්වන් පැය’ ලෙස සලකනු ලබයි.
මෙම කාලය තුළ ජලය පානය කිරීමෙන් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය සුමට කිරීම මගින් සිරුරේ බර අඩු කර ගැනීම වේගවත් කරනවා පමණක් නොවෙයි, ඔබේ සිරුරේ තිබෙන අනෙකුත් සෞඛ්‍ය ගැටළු වලටද ප්‍රතිකාරයක් මේ තුලින් වෙන බව ද විශ්වාස කෙරේ.
මෙලෙස ජලය පානය කිරීමෙන් ජලය ආමාශයේ වැඩි ඉඩක් ගන්නා අතර එහිදී ඔබ විසින් ආහාර ගන්න ප්‍රමාණය අඩුවේ. ඒ තුලින් අනවශ්‍ය ලෙස ආහාර පරිභෝජනය අඩුවීම නිසා ඔබේ බර වැඩිවීම වලක්වයි.
මෙම ජල ප්‍රතිකාරය ( water therapy ) සිදුකිරීමේදී සැලකිලිමත් විය යුතු ස්වර්ණමය නීතිය නම් නිවැරැදි පරිමාවන් වලින් නිවැරැදි කාල පරාසයන් තුල ජලය පානය කිරීමයි. එසේ කලොත් පමණයි ඔබට නිවැරැදි ප්‍රථිඵල ලබා ගන්න පුලුවන්.
මෙහිදී ඔබ දවස පුරා භාවිතා කරන උණුසුම් වතුර වලට ඔබ කැමති නම් දෙහි හෝ ලෙමන් පෙත්තක් ,නැවුම් එළවලුවක් හෝ පලතුරක් එක් කර detox drink එකක් ආකාරයෙන්ද ඔබට භාවිතා කල හැකිය.
ජපන් ජල චිකිත්සාව ක්‍රමානුකූලව හා නිරන්තරයෙන් සිදු කරන විට විවිධ සෞඛ්‍ය ගැටලු වලට එරෙහිව සටන් කිරීමට ඔබේ සිරුරට හැකියාව ලැබෙනව.
සැබවින්ම මෙම චිකිත්සාව තුලින් ඔබේ සිරුරේ බර අඩු වීම සිදුවුනත් ඒහි ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස සමස්ථ සිරුරේම සෞඛ්‍යය සමතුලිත කිරීම හා නියාමනය කිරීම සිදුවෙනව. ඒ තුලින් දවසින් දවස ඔබේ නීරෝගීමත් බව වැඩිදියුණු වෙනවා.
ජලය අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය මිනිස් පැවැත්මට අවශ්‍ය මූලික අංගයකි.
සෞඛ්‍යම්ත් ජීවන රටාවකට සෑම දිනකම අවම වශයෙන් වතුර වීදුරු අටක් හෝ දහයක් වත් පානය කළ යුතු බව බොහෝ විට උපදෙස් දෙනු ලැබේ.
සමහර පෝෂණවේදීන් උපදෙස් දෙන්නේ උණුසුම් ජලය, දෙහි සහ මී පැණි වීදුරුවකින් ඔබ දවස ආරම්භ කිරීම ඉතා හොඳ බවයි. එය ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය ආරම්භ කරන අතර ඔබේ සමස්ත සෞඛ්‍යය සඳහාම ගුණදායක වේ .
ජපානයේ ජනතාව මෙම උපදෙස් තරමක් බැරෑරුම් ලෙස සලකන අතර බර අඩු කර ගැනීමට සහ නීරෝගීමත් බව රැක ගැනීමට ජලයට හැකි බව ඔවුන් තරයේම විශ්වාස කරනව.
මේ නිසා මේ ජල චිකිත්සාව බහුතරයක් ජපන් වැසියන් අනුගමනය කරයි. බොහෝ ජපන් වැසියන්ගේ නීරෝගීමත් බවට හා සෞඛ්‍ය ගැටලු අඩු වීමට මේ චිකිත්සාව උදව් වන බව මතයක් පවතිනව.
මෙම ක්‍රමවේද භාවිතා කිරීමෙන් ඔබට යම් ප්‍රතිපලයක් ලැබුනු පසුත් ඔබට මෙම ක්‍රමවේද යම් තාක් දුරට පවත්වාගෙන යා හැකිය.
ජපන් වැසියන් මෙම ක්‍රමවේද තවත් දියුණු කර එනම් , ආහාර වේල් වෙනුවට පලතුරු යුශ පානය කිරීම වැනි ක්‍රමද භාවිතා කරන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා
කෙසේ වෙතත් උදරයේ තැන්පත් වන මේදය සහ ශරීරයේ විවිධ ස්ථාන වල තැන්පත් වන මේදය ඉවත් කිරීමට මෙම water theropy ක්‍රමය ඉතා සාර්ථක ප්‍රතිපල ගෙන දෙන ක්‍රමයක් බව ජපන් වැසියන් විශ්වාස කරනවා
Saru FM Media