සිරි දළදා වන්දනාවේ දෙවන දිනය අදයි

0
14


”සිරි දළඳා වන්දනාව” අද (19) දෙවන දිනටත් පැවැත්වෙනවා.

ශ්‍රී දළදා මාළිඟයේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 5.30  දක්වා  දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනු ඇති.

වන්දනාව වෙනුවෙන් දළදා මාලිගාවේ පිරිත් මණ්ඩපයේ විශේෂ පීඨීකාවක් මත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශන කරඬුව තුළ තැනපත් කර තිබෙනවා.

මහනායක හිමිවරුන් බැතිමතුන්ට දැනුම් දෙන්නේ, සුදු වතින් සැරසි, සැඳැහැ සිතින් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණෙන ලෙසයි.

ලබන 27 දක්වා සෑම දිනකම මධ්‍යාහ්න 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාවට අවස්ථාව සැලසෙනවා.

මේ අතර “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වාහන කළමණාකරණ සහ තොරතුරු පද්ධතියක් හඳුන්වාදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙඩි අඩවියේ “සිරි දළඳා වන්දනාව ” නමින් සඳහන් වන daladadekma.police.lk වෙත පිවිසීමෙන් දළදා වන්දනාව පිළිබඳ සියලු තොරතුරු හා උපදෙස් ලබාගත හැකියි.

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක මේ වන විටත් ජනතාව පෝලිම් ගැසී රැඳී සිටිනවා.

ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතිනවා.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැඳැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද දිනයේ ද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here