සැලෝන් යන්න වෙලාවක් නැති ඔබට ගෙදරදීම කරන්න බියුටි ටිප්ස් ටිකක්

0
4

ඔබ මොන තරම් ලස්සන යුවතියක් වුණත් ස්මාර්ට් යුවතියක් වෙන්න නම් ඔබේ රූපයත් සිරුරත් සුන්දරව පවත්වා ගන්න ඕනෑ. රූපලාවණ්‍ය ඔබට වැදගත් වෙන්නේ අන්න ඒ නිසා. සැලෝන් යන්න කම්මැලි, වෙලාව මදි ඔබට ගෙදරදිම අත්හදා බලන්න පුලුවන් බියුටි ටිප්ස් කිහිපයක් තමයි මේ.

  • මී පැනි සහ ඔලිව් ඔයිල් වලට සීනි එකතු කර මිනිත්තු දෙකකට පමණ පසු සෝදා හරින්න. ඔබේ දෙතොල පැහැපත් වේවි.
  • කකුලේ රෝම ඉවත් කළ පසු බ්ලැක් ටී සහ විනාකිරි එකට මිශ්‍ර කර සමේ තවරන්න. දීප්තිමත් පෙනුමක් ඔබට ලැබෙනවා.
  • නියපොතු වල දිලිසීම අඩුනම් ටූත් පේස්ට් ආලේප කර හොඳින් බ්‍රෂ් කරන්න.
  • ඇවකාඩෝ ඔයිල් සහ පොල් තෙල් එකට මිශ්‍ර කර හිසේ ගැල්වීමෙන් ඔබට දිගු හා ශක්තිමත් කෙස් වැටියක් ලැබෙනවා.
  • ජෙලටින් සහ සුදුසු පැහැයක ආහාර වර්ණකයක් එකට මිශ්‍ර කර තොල් වල ආලේප කර බාහිර ආවරණය ගලවා දමන්න. එය කදිම තොල් ආලේපනයක්. ලිප්ස්ටික් මෙන් දියව යන්නේත් නැහැ.
  • කෝමාරිකා මද පොල් තෙල් සමඟ මිශ්‍ර කර සමේ ලප හා කැළැල් මත තවරන්න. ඔබට පැහැපත් සමක් ලැබේවි.
  • අයි ලයිනර් එකක් සොයා ගත නොහැකි විටකදී කලු හෝ දුඹුරු පාට පැන්සලක තුඩ මඳ වෙලාවක් උණු වතුරේ ගිල්වා තබා එය අයි ලයිනර් එකක් ලෙස භාවිතා කරන්නට ඔබට පුලුවන්.

මීට අමතරව නිවසේදීම දෑත් දෙපා පැහැපත් කර ගන්නා ආකාරය, මුහුණට හා හිස්කෙස්වලට සත්කාර කර ගන්නා ආකාරය අපේ අනෙකුත් ලිපි මඟින් ඔබට දැන ගන්නට පුලුවන් . ඔබ භාවිතා කරන ඔබටම ආවේණික බියුටි ටිප්ස් අපේ ෆේස්බුක් ගෲප් එක සමඟ බෙදා ගන්න අමතක කරන්න එපා

-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here