සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලයි

0
12

2025 අප්‍රේල් 18 වන දින මතුගම පොලිස් බල ප්‍රදේශයේදී වයස අවුරුදු 34ක් වූ කාන්තාවක් තියුණු ආයුධයකින් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටීයි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, අදාළ අපරාධයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

අවශ්‍ය කරන සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ බ්‍රහ්මණවේ කවදේ සන්ත නීල් ප්‍රියන්ත නමැති පුද්ගලයා වන අතර, ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 840321401V වේ.

ඔහුගේ අවසන් වාසය ලෙස සඳහන් වන්නේ අංක 78/01, ඉහළනකන්ද, අගනාවත්ත යන ලිපිනයයි.

සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇති පුද්ගලයන්,

මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක – 071 8591701
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, මතුගම – 071 8594381 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here