අනෙක් හැමදේම ගැන හිතන්න කලින් ඔබ ඔබේ ශරීරයට ආදරය කරන්න. එය හොඳින් රැක බලාගන්න. බඩගිනි වුණොත් ඒ වෙලාවට කනවා වෙනුවට, බඩගිනි නිවෙන්න මොනවා හරි කනවා වෙනුවට හරි වෙලාවට පෝෂණීය ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා. මඟහැර දමන ආහාර වේල්, නොසලකා හරින පෝෂණ අවශ්‍යතා නිසා ඔබ රෝගී වුණොත් ඔබ නැති කරගන්නෙ සාර්ථක වෙන්න තිබුණු ඔබේම ජීවිතයයි. කවර හෝ ව්‍යායාමයක නිරත වෙන්න. ශරීරයට ආහාර වගේම ව්‍යායාමත් අතිශයින් වැදගත්.
සාර්ථක මිනිසුන් කෙටිකාලීන අරමුණු වෙනුවෙන් හදිසි තීරණ ක්‍රියාත්මක කරන්නෙ නැහැ. සියල්ල සැලසුම්සහගතව කරන්නට නොහැකි වන අවස්ථා ඕනෑම කෙනෙකුට එළඹෙනවා. ඒත් දුරදිග නොබලා හදිසි තීරණ ගන්න අයට සාර්ථක වෙන්න බැහැ. ඔබට සැලසුම් කරගත් ආකාරයට දෙයක් කරන්න බැරිවුණොත් ඒ වෙනුවෙන් දුක් වෙන්න එපා. හැම දේකටම විකල්ප තීරණ, විකල්ප සැලසුම් තියෙනවා. හදිසි සහ ඉක්මන් අවස්ථාවල දී තමයි ඉතා පරිස්සමින් කලබලයකින් හෝ කැළඹීමකින් තොරව ඔබ තීරණ ගත යුතුම වන්නේ. ඔබේ තීරණයට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නෙ එහෙම කළොත් විතරයි.
මං කොහොමද ඒක කරන්නෙ.මම ඒ හැටි දන්නෙ නැහැනේ. අනික මම විතරක්…ඔබටත් සමහර වැඩ කටයුතුවල දි ඒ වගේ දේවල් හිතිලා තියෙනවා ද? එහෙම හිතෙන්නෙ තමන් ගැන තමන්ට විශ්වාසයක් නැතිවුණාම. ආත්ම ශක්තිය අඩුවුණාම. අනිකා මත යැපෙන්න එපා. විශේෂයෙන් වැඩකටයුතුවල දී ස්වාධීන වෙන්න. ඔබට ඕනෑම දෙයක් පුළුවනි. ඕනෑම වැඩකට ඔබට හැඩගැසෙන්නට ශක්තියක් තිබෙන බව හිතන්න. සාර්ථක වෙන්න පුළුවන් එවිටයි.
මේක වහාම නවත්තන්න. සාර්ථක මිනිසුන් ක්‍රියාවල වගකීම තමාම සතු බව හොඳින් දන්නවා. කොතනින් ද පටන් ගත්තේ. කොතනද වැරදුරණේ, කුමක් ද සිදු වූ වරද ආදී වශයෙන් විශ්ලේෂණය කරබලන්නට ඔවුන් දක්ෂයි. නිදහසට කරුණු කියනවා වෙනුවට නැවත නිවැරදිව ක්‍රියාත්මක වෙන්න.
දැඩි මතවාද ඔබ ශක්තිමත් කරනවා කියල ඔබට එකවරම හිතෙනවා ද, සමහරු හිතන්නේ මාව කාටවත් හොල්ලන්න බැහැ කියලා. ඒ අනම්‍ය ගතිලක්ෂණය හොඳ එකක් නෙමෙයි. ඔබව එකතැන පල් කරන්නේ දැඩි මතවාදයි. ඔබ ගැන අනිත් අය වෙනස් විදියට හිතනවට ඔබ විසින් ඇති කරගත් තේරුමක් නැති බිය නිසා තමයි මේ තත්වය වෙනස් කරගන්න ඔබට අපහසු. සාර්ථක වෙන්න ඕනෙ නම් ඒ වෙනසට අදම සූදානම් වෙන්න.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චිල් කියනවා ඔබට බුරන හැම බල්ලෙකුට ම ගල් ගහන්න ගියොත් ඔබේ ගමන යන්න වෙලාවක් නැති වේවි කියලා. සාර්ථකත්වය අපේක්ෂා කරන පළමු තැන දෙන්නේ තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් යන ගමනටයි. අතරමඟ එල්ලවන බාධා, විවේචන වෙනුවෙන් කාලය නාස්ති කරගන්නා අයට සාර්ථක වෙන්න වෙලාවක් නැහැ.
ඔබට සියල්ල පාලනය කරන්න බැහැ. ඔබට අවශ්‍ය විදියට සියල්ල සිදුවෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ නිරර්ථක අත්සාහයන් අත්හරින්න. ඔබේ සාර්ථකත්වයට සියල්ල පාලනය වී තිබීම අත්‍යවශ්‍ය නැහැ.
ඔබ දන්නවා ද ඔබ යනුවෙන් නිර්මාණය වන්නේ කවුද කියා. ඒ ඔබ වැඩියෙන් ම ඇසුරු කරන පුද්ගලයන් පස්දෙනෙකුගේ එකතුව. ඔබ වටා ඔබට ඉතා සමීපව සිටින පස්දෙනෙකුගේ හැඟීම්, ආකල්ප, දැනුම, අවබෝධය, හැසිරීම් සියල්ලෙ එකතුව ඔබයි. ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඔබ වටා සිටින සමීපතමයින් පස්දෙනා සාර්ථක වූ මිනිසුන් ද බලන්න. එසේ නොවන අය වටා එකතු වී සිටීමෙන් ඔබට සාර්ථක වන්න බැහැ.
අනාගතය සාර්ථකව අයිති කරගන්න පුළුවන් වෙන්නේ නිර්මාණශීලීව වැඩි හැකියාවන් පාවිච්චි කරන්න පෙළඹෙන අයටයි. ඔබ තුළ ඇති දක්ෂතා ඔබේ අවශ්‍යතා වෙනුවෙන් ඉබේ පෙනී සිටින්නේ නැහැ. සාර්ථකත්වය අපේක්ෂාකරන අය නිරන්තරයෙන් තමන්ගෙ දක්ෂතා අලුත් කරගන්නවා. අවශ්‍යතාවලට ගැළපෙන විදියට දක්ෂතා වැඩිදියුණු කරගන්නවා. හැම වෙලාවකදිම ඔබට ඇති කාලය සීමිත බව හිතන්න. අපතේ යවන්න එක තත්පරයක්වත් ඔබට නැහැ. ඔබේ බලාපොරොත්තු වෙනුවෙන් ඉලක්ක හදාගන්න. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. නිවැරදි ක්‍රියාත්මකවීම් පියවරෙන් පියවර දවසින් දවස ඔබව සාර්ථකත්වයේ ඉහළටම ඔසවා තබනවා නිසැකයි.
– නිරංජලා –
Saru FM Media