ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජන නිසා දුම්රිය ඇනහිටීද?

0
5


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුවද අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 30ක් පමණ ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

නෙත් නිවුස් අද උදෑසන 06යි 20ට දුම්රිය පාලක මැදිරියෙන් සිදු කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ පොල්ගහවෙල, අවිස්සාවේල්ල ගාල්ල ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයකින් කොළඹ බලා දුම්රිය ගමන්වාර කිහිපයක් එම අවස්ථාව වන විට ආරම්භ කර ඇති බවයි. 

දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා. 

Neth Sound · TRAIN DAMMIKA 01

ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට බලපෑ හේතු වූ කරුණු සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්. 

Neth Sound · TRAIN SUMEDA 02

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා.

Neth Sound · TRAIN DAMMIKA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here