ස්ටිකරයක් ඇලෙව්වාට අත්අඩංගුවට ගත් අවුරුදු 22ක මොහොමඩ් රුස්දි තරුණයා දින 90ක් රඳවා තබා ගන්නා ලෙසට අනුර කළ විධායක නියෝගයට පුරවැසි ව්‍යවස්ථා සභාවේ කනගාටුව!  I Sri Lanka Latest News‍

0
17


පසුගිය මාර්තු 22 වනදා කොළඹ දී ස්ටිකර් ඇලවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මොහොමඩ් රුස්දි තරුණයාට එරෙහිව ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් දින 90ක රඳවා ගැනීම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පුරවැසි ව්‍යවස්ථා සභාව සිය කනගාටුව පළ කර තිබේ.Sri Lanka Latest News‍

එම සංවිධානය මගින් නිකුත් කොට ඇති නිවේදනය පහත දැක්වේ.

රැඳවුම් නියෝග අශිෂ්ඨයි, ලැජ්ජයි!

පසුගිය මාර්තු 22 වනදා කොළඹ දී ස්ටිකර් ඇලවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මොහොමඩ් රුස්දි තරුණයාට එරෙහිව ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් දින 90ක රඳවා ගැනීම් නියෝගයක් නිකුත් කර ඇති බව අප දැඩි කණගාටුවෙන් යුතුව සටහන් කරමු.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ වන අතර, එය වසර ගණනාවක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද අභියෝගයට ලක්වූ, අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයන් වසර ගණනාවක් රඳවා තබාගැනීමේ අවදානමක් ඇති, අමානුෂික පනතක් ලෙස හැඳින්වෙයි.

ජාතික ජනබලවේගය තම මැතිවරණ ප්‍රතිපත්ති තුළ, PTA පනත අහෝසි කළ යුතු බව ප්‍රකාශ කර තිබුණද, මේ වනවිට ජනාධිපතිවරණයෙන් මාස හයක කාලයක් ගතවී ඇතත්, එම පොරොන්දුවේ කිසිදු ක්‍රියාවක් හෝ වැඩපිළිවෙලක් ආරම්භ වී නොමැති වීම අප සිත් රිඳවන කරුණකි.

තවද, ත්‍රස්ථවාදයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නව නීතිමය යෝජනා සහ නීති රීති සම්පාදනය කිරීම රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වුවත්, එය අයුක්ති සහගත නීතියක් නොවිය යුතුය.
එබැවින් වහාම මොහොමඩ් රුස්දිට එරෙහිව නිකුත් කළ රඳවා ගැනීම් නියෝගය අවලංගු කරන ලෙසත් නව ව්‍යවස්ථාවක් තුළින් ත්‍රස්තවාදය වැලක්වීම සඳහා නීතී ගෙන එන ලෙසත් ඉල්ලා සිටිමු.

පුනුරුද යුගයක් යනු අලුත් පාලන ක්‍රමයක් පමණක් නොවිය යුතුය. එය අයිතිය, සාධාරණත්වය සහ වගකීම් මත පදනම් වූ අලුත් යුගයක ආරම්භය විය යුතුය.

ස්තුතියි.

රාජිත අබේගුණසේකර, විමුක්ති දුෂාන්ත (සම කැඳවුම්කරුවන්)
පුරවැසි ව්‍යවස්ථා සභාව.
2025 අප්‍රේල්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here