සල්ලි හම්බවෙන ක්‍රීඩා ඉසව්වක් – රජය ඒ දෙස බලයිද?

0
7


නිශ්මං රණසිංහ මැයි 06, කොළඹ LNW:

ලෝක මට්ටමේ ප්‍රවීන බැඩිමින්ටන් ක්‍රිඩකයින් සහ ක්‍රීඩිකාවන් ලංකාවෙ රොඳ බඳින දවසක් ළඟ එනවා.මේ දිනය බැඩ්මින්ටන්වලට විතරක් වැදගත් දිනයක් නෙමෙයි.මේ ප්‍රවීනයන් බැඩිමින්ටන් ප්‍රවින ක්‍රීඩාවෙ යම් වෘත්තිමය මට්ටමක ක්‍රීඩා කරාට ජීවිතයෙ යම් කිසි කාලයක් කැප කිරීම් කරපු අය විශාල වශයෙන් මේ සහභාගි වන සමූහය ඇතුළෙ ඉන්නවා.

ඒ ආකාරයෙන් බැලුවොත් මේ එන පිරිස ක්‍රීඩාව එක්ක වෘත්තිමය විදිහට වඩා විනෝදමය ආස්වාදයත් එකතු කරලා ජීවිතය යම් කිසි දෙයකට කැප කිරීමෙන් ඉනික්බිතිව නිදහස සහ සුවය සොයා යාමේ උවමනාවෙන් පෙළෙන මිනිසුන් ද වෙනවා.ඒ නිසා බොහෝ විට මොවුන් තරගාවලියෙදි මේ රටේ වියදම් කරන විදේශ මුදල් ප්‍රමානය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වෙන,විවිධ කේෂ්ත්‍රවල විසිරෙන එකක් වෙන්න විශාල ඉඩක් තියෙනවා.
තරගාවලිය තියෙන්නෙ මේ වන විට ශාන්ත ජෝෂප් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයෙ කියලා මේ වන විට තීරණය කරලා අවසන්.රටේ ක්‍රීඩා සම්මේලනයක් රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරය ජාත්‍යන්තර තරගයක් සඳහා සහනදායි මිලකට ඉල්ලා සිටියම,ඒ තරගාවලිය හරහා රජයේ ආර්ථිකයට සිඳුවන තල්ලුව නොසළකා වැඩි පුර ගාණක් කඩාගන්න උත්සාහ දැරීම නිසා මීට පෙර බැඩ්මින්ටන් සංගමය පැවත් වූ ජාත්‍යන්තර තරගාවලිය පැවත්වුණෙත් ශාන්ත ජෝෂප් ක්‍රීඩාගාරයේදියි.ලංකාවෙ කීඩාව ක්‍රීඩාවටම යා වුණ එකක් නොවන බව ක්‍රීඩා අමාත්‍යවරයා වගේම නියෝජ්‍ය අමාත්‍යවරයත් නිරන්තරයෙන් කියන්න උත්සාහ කරනවා.ඒත් මේ විෂය සම්බන්ධිකරණය සහ තමන්ගෙ හිස වටා දවටගෙන ඉන්න අධිකාරි අහංකාරය නිසා තවත් විෂයක ඇති ජාතික පුනරුද සම්බන්ධය ගැන අවබෝධයෙන් කටයුතු කරන්නේ නැහැ.

මේ නිසාම විදේශ ක්‍රීඩකයින් විශාල ගණනක් පැමිණෙන පැවති බැඩිමින්ටන් ක්‍රීඩා තරගාවලියේ දී එම රටවල කොඩි ප්‍රදර්ශනය සඳහා ද රජයේ සහයෝගයක් නොලැබුණ බව ඇත්තකි.ඒ සදහා විජිත හේරත් අමාත්‍යවරයා විදේශගත විමේදී බැඩිමින්ටන් සංගමයේ උප සභාපතිවරයෙකු සිය පෞද්ගලික ලේකම්වරයාට යොමු කර ගොස් තිබුණ ද,ඔහු අඩු ගණනේ එම උප සභාපතිවරයා හමුවටවත් නොපැමිණ ඒ ඒ තැන්වලට යොමු කර අවසානයේ වැඩේ අවුල් කර දැමුවේය.එහෙත් එයින් අවුල් වන්නේ බැඩ්මින්ටන් පමණක් නොවන නිසා මාතෘ භූමියේ ගෞරවය වෙනුවෙන් ශ්‍රී ලංකා බැඩිමින්ටන් වියදම් කර ඒ ඒ රටවල ජාතික ධජ ලෙල දෙන්නට සළස්වා තිබිණ.

මේ ආකාරයට ජාත්‍යන්තර මට්ටමෙන් ලංකාවට කීර්තිය සහ ආකර්ශනය ලැබෙනාකාරයට මෙම ඉසව්ව තුළ ආණ්ඩුවට ඇති ඉඩ කවරේද යන්න අමාත්‍යවරයා සහ අමාත්‍යංශය සළකා බැලිය යුතුව ඇත.සංචාරක කේෂ්ත්‍රය,හෝයල් කේෂ්ත්‍රය වැනි තැන්වලට රජයට ඉසව්වට සහයක් ලැබෙනාකාරයට යම් මැදිහත්වීමක් කරන්නට හැකියාව ඇත.මෙවැනි රටට වටින ඉසව්වලදි මඟ හැර යාමට නොව ඒ මල් වට්ටියට අත ගැසීමට ඉඩ සළසා ගැනීමේ දේශපාලන මැදිහත්වීම ද රජයට කළ හැකිය.

සාමාන්‍ය විදිහට ගත් විට ක්‍රීඩාව සෙල්ලමක් නොවේය.එය බර විද්‍යාව සහ තාක්ෂණය මිනිස් ශරීරය සහ මනම සමඟ සම්බන්ධ වන කාරණයක්ය.එහෙත් කට වහරින් කියව සෙල්ලම කියන වචනයෙන් ගත්විටත් මෙය රටට සල්ලි එන සෙල්ලමක්ය.ඊට දිරි දිය යුතු ද නැද්ද යන්න රජයේ පැත්තෙන් කල්පනා කළ යුතුය.ඒ සඳහා මම ලේකම්,මම ඩීජී හෝ මම ඇමති කියා නොසිට දුක් සැප විමසන නිරිඳුගේ කාර්යය ඒ පැත්තෙන් සිඳු විය යුතුය.මන්ද අවසර ලබා ගැනීමේ කාරණා හැරෙන්නට බැඩ්මින්ටන් සංගමය වෙනත් උපකාර බලාපොරොත්තුවෙන් ඉදිරිපත් වේ දැයි කිව නොහැකිය.මන්ස එක් වරක් ඒ පැත්තෙන් ආ ප්‍රතිචාර නිසා තරගාවලිය නවත්වන්නේ නැතුව පැවත්වූයේ අවසාන මොහොතේ ශාන්ත ජෝෂප් ගාහස්ථ ක්‍රීඩාංගණය නිසා බැවිනි.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here