සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්

0
4

සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් වැඩිදුර තොරතුරු අනාවරණය කර තිබේ.

ඉරානයේ නිෂ්පාදිත “ෂහෙඩ්” (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයක් ඇක්‍රොටිරි (Akrotiri) ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටී ඇති බව ඔහු සඳහන් කළේය. 

මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බව X පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා තහවුරු කළේය.

සයිප්‍රස් ජනාධිපතිවරයා පවසා සිටියේ තමන් යුරෝපීය නායකයින් සහ අනෙකුත් රටවල නායකයින් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවයි.

මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ සයිප්‍රසය කිසිදු මිලිටරි මෙහෙයුමක කොටස්කරුවෙකු වීමට අදහස් නොකරන බව ඔහු අවධාරණය කළේය.

මෙම ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඇක්‍රොටිරි කඳවුරේ රැඳී සිටින හමුදා සාමාජිකයින් ආරක්ෂිතව එතැනින් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here