සමේ වියළි බව හා දෙතොල්වල වියළි බව දුරු කරන්න පොල්තෙල් වලින් කළ හැකි ප්‍රතිකාර.

0
13


පොල් තෙල් වලින් ගන්නා ප්‍රයෝජන මොනවද කියලා ඇහුවොත් ඔබට පුරුදු පිළිතුරු දෙකක් තියනවා. ඉවුම් පිහුම් සහ හිසකෙස් සත්කාර. ඒ අපි දන්න අපිට පුරුදු දේ. හැබැයි අපට පොල් තෙල් සමට රූපලාවණ්‍ය සත්කාරකයක් හැටියටත් පාවිච්චි කරන්න පුලුවන්.

හැමෝටම සුදුසු නෑ කියලත් අමතක කරන්න එපා

ඒත් මේ පොල්තෙල් සත්කාර හැම කෙනෙකුටම ගැළපෙන්නෙත් නැහැ. ඔබට තියෙන්නේ තෙල් සහිත සමක් නම්, කුරුලෑ එන සමක් නම් පොල්තෙල් සත්කාර කරන්න ඔබට බැරි බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.

පොල්තෙල් මේකප් ඉවත් කරන්න හොඳම විසඳුමක්.waterproof mascara ඉවත් කරන්න ඔබට පොල්තෙල් යොදා ගන්න පුලුවන්.පුලුන් වල පොල්තෙල් පොඟවාගෙන ප්‍රවේසමෙන් මේකප් ඉවත් කරන්න. සම වියළීමට ලක් වෙන්නෙත් නැහැ.

කහ ස්වල්පයක්,මී පැණි ස්වල්පයක් සහ ලෙමන් යුෂ සමඟ පොල්තෙල් ටිකක් මිශ්‍ර කර ගන්න.පිරිසිදු කර ගත් මුහුණේ මිනිත්තු විස්සක් ගල්වා තබන්න.ඉන්පසු සෝදාහරින්න.මුහුණ වියළී යෑමට මෙය අපූරු ෆේස් පැක් එකක්. මුහුණට දිදුලන බවක් සහ මොයිස්චරයිසින් ගතියක් ඉක්මනින් ලැබී ඇති බව ඔබට වැටහේවි.

දුඹුරු සීනි සහ මී පැණි සමඟ පොල් තෙල් මිශ්‍ර කර දෙතොලේ ආලේප කරන්න.ඔබට මෙය රාත්‍රී සත්කාරයක් ලෙසත් කරන්න පුලුවන්. රැයක් පුරා ගල්වා තබා සෝදා හැරිය විට දෙතොලේ අවපැහැ ගැන්වීම් සහ ඉරිතැලීම් ඉක්මනින් නැතිව යන හැටි ඔබටම අත් දකින්න පුලුවන්.

පොල්තෙල් මේස හැදි දෙකක්, කොකෝ බටර් මේස හැදි දෙකක් ,beeswax මේස හැදි දෙකක් වතුර ස්වල්පයක් මිශ්‍ර කර උණු කර ගන්න. ඉන්පසු හොඳින් නිවුණු පසු කුරුඳු තෙල් බිංදුවක් එක් කර ශීතකරණයේ දමා සිසිල් කර ගන්න. මෙය ඔබට ලිප් බාම් එකක් ලෙස පාවිච්චියට ගන්න පුලුවන්.

පොල්තෙල් සහ දුඹුරු සීනි හෝ ලුණු හොඳින් මිශ්‍ර කර ඇඟේ ගැල්වීම ඉතා හොඳ බොඩි ස්ක්‍රබ් එකක්.ඔබේ සමේ ඉරි තැලීම්, කොරල සහ රැලි වැටීම් අඩු කරන්න මෙය ඉතා අපූරු සත්කාරයක්.

ඒ වගේම අත්පා වල රෝම ඉවත් කළ පසු පිරිසිදු පොල් තෙල් ගැල්වීම නිසා සම වියළි යාම සහ ඉරිතැලීම් සිදු වන්නේ නැහැ.
ඔබට අධික වියළි සමක් තිබෙනවා නම් පොල්තෙල් සිරුරේ ආලේප කර රැයක් හිඳීම මඟින් සිනිඳු සහ දීප්තිමත් සිරුරක් ලබා ගන්න හැකියාව තිබෙනවා.

පොල්තෙල් ඇත්තටම හොඳ රූපලාවණ්‍ය සත්කාරයක්. හැබැයි ආයෙමත් මතක් කළයුතු දේ තමයි ඔබට තියෙන්නේ තෙල් සහිත සමක් නම් මේ එක් සත්කාරයක්වත් නිකමටවත් අත්හදා බලන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here