සමූපකාරයෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

0
4

සමූපාකාර වෙළෙඳසැල් තුළින් මාසයක් තුළදි රුපියල් 10,000කට වැඩි මුදලක් වියදම්කර භාණ්ඩ මිලදි ගන්නා පාරිභෝගිකයින් හට ජිවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුරය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම රක්ෂණාවරණය නොමිලේ පාරිභෝගිකයින්ට ලබාදෙන අතර එය ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුතු බවය.

මේ අතර සමූපාකාර සාමාජිකයින් සියලු දෙනාට ද ජීවිත රක්ෂණයක් ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සමූපාකාර සේවකයින්ට ද තෘප්තිමත් වැටුපක් මෙන්ම ජීවිත රක්ෂණයක් ඇතුළු පහසුකම් ලබා දී මෙම සමූපාකාර ව්‍යාපාර ආර්ථිකයේ කොටසක් කිරීමට කටයුතු කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

”සමූපාකාර ව්‍යාපාරය මාලිමාවේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හරහා ඉදිරියට ගෙන එනවා.. ඒ ඔස්සේ සෑම ප්‍රාදේශිකයකට කෝප් සිටියක්  ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙනවා..එමෙන්ම නාගරික ප්‍රදේශවල දැවැන්ත කෝප් සිටි පවත්වා ගෙන යාමට අවශ්‍ය ණය මුදල් ද, අඩු පොලියක් යටතේ ලබා දීමට කටයුතු කරනවා”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here