සමාජ සාධාරණත්වයෙන් යුතු රටක් ගොඩනැගීමට එක්වන්න – වෙසක් දින පණිවිඩයෙන් ජනපතිගෙන් ඇරයුම්

0
7


“පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම වෙනුවෙන් සද් අධිෂ්ඨානයෙන් සහ  වීර්යයෙන් යුතුව එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ඒ, වෙසක් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින්. 

බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනැගීමට ඇරයුම් කරන බවයි ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ. 

බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම බව එහි සඳහන්. 

එසේම පාලකයකු විසින් යහපත් පාලන තන්ත්‍රයක් ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳවද බෞද්ධ දර්ශනයේ සඳහන් කර ඇති බවත් බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ රටක පළමු පුරවැසියා වන පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුව සේ ජීවත් වනු ඇති බවයි අදාළ පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.  

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ තේමා පාඨය මූලික කරගෙන පිහිටුවාගත් රජය යටතේ එළැඹි පළමු වෙසක් උත්සවය මෙය බවත් දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින මෙවන් අවධියක මානව සිත් සතන් සුවපත් කිරීමට මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බවයි වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නේ.
 

ඒ සඳහා සියලුම දෙනා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැඳගැනීමට ආරාධනා කරන බවයි අග්‍රාමාත්‍යවරිය එහි සඳහන් කර ඇත්තේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here