සම්බුදු තෙමගුලට නව අරුතක්

0
5


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය අද (10) සිට ලබන 16 වෙනි දින දක්වා නුවරඑළියේදී පැවැත්වෙන අතර “කළ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන ආදර්ශ පාඨයෙන් පැවැත්වීම විශේෂත්වයකි.

නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මූලික කර ගත් සංවිධාන කිහිපයක් විසින් දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් සහ ප්‍රාදේශීය ලේකම් ඒ. පී. ධනසූරිය රාජ්‍ය නිලධාරීන් ලෙස සියළු කටයුතු සංවිධානය කර මෙහෙයවමින් සිටිති.

බෞද්ධ ධජ පතාක, වෙසක් කූඩු ඇතුළු අලංකාරවත් සැරසිලිවලින් මේ වනවිටත් සියළු කටයුතු සූදානම් කර තිබේ.

නුවරඑළිය එක්සත් වෙළඳ සංගමය, ප්‍රදේශයේ දානපතීන් ඇතුළු සියලු ජනතාව ද ඉතා උනන්දුවෙන් සමාරම්භක උත්සවයට පෙළ ගැසී ඇති බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here