සබරගමු විශ්වවිද්‍යාලයේ සිද්ධිය : සිසුන් සිව්දෙනෙක් CID අත්අඩංගුවට !

0
6


සටහන – රුවන් නෙළුගොල්ල

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙකු සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව සිසුන් 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (මැයි 04) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ සිසුන් සිව්දෙනෙකි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන්ට නවක වදය ලබාදීම පිළිබඳ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

මරණයට පත් සිසුවාට නවක වදය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මැයි 02 වනදා සමනළවැව පොලිස් ස්ථානය විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here