සන්රයිසස් පැරදූ ගුජරාට් කණ්ඩායමට තවත් IPL ජයක්

0
16


IPL ක්‍රිකට් තරගාවලියේ තවත් ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 07කින් ජය ගනිමින්. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 152ක් රැස් කළා.

නිතිෂ් කුමාර් ලකුණු 31යි. පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් කඩුලු 04ක් බිඳ හෙලුවා.

ජයග්‍රාහී ලකුණු 153ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

නායක ශුබ්මන් ගිල් පන්දු 43ක් තුළ නොදැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 61ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 09ක් ඇතුළත් වුණා.

වොෂින්ටන් සුන්දර් පන්දු 29කදී රැස්කල ලකුණු සංඛ්‍යාව 49ක්. පන්දු යැවීමේදී මොහොමඩ් ශාමි කඩුලු 02ක් බිඳ හෙලුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here