සජිත් අසභ්‍ය කරන ව්‍යාපාරය අඳුරේ හංගලා

0
9

 

රජය විසින් හඳුන්වා දී තිබෙන අධ්‍යාපන පරිවර්තනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස “අධ්‍යාපන අසභ්‍යකරණය” යනුවෙන් නම් කර අග්‍රාමාත්‍යවරියට එරෙහිව ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංග යෝජනාව අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

එම විශ්වාසභංග යෝජනාවට සජිත් ප්‍රේමදාස මුළින් ම අත්සන් තැබීය. ඔහු එසේ අත්සන් තබා දින 10කට වැඩි කාලයක් ගෙවී ගියත් අවශ්‍ය මන්ත්‍රී අත්සන් ප්‍රමාණයෙන් අඩක් වත් මේ දක්වා සම්පූර්ණ කර ගත නොහැකි වී සිටින බව හෙළි වී තිබේ.

අධ්‍යාපන පරිවර්තනය පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් ඉතාමත් නින්දිත ප්‍රචාර ගෙන යාම අනුමත කරමින් සජිත් ප්‍රේමදාස අධ්‍යාපන අසභ්‍යකරණය යනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘතියක් ද සකස් කර දී තිබිණි. එම විශ්වාසභංග යෝජනාවට පක්ෂව අත්සන් නොකරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය.

56

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here