සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සිරිවර්ධන සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්දානි කිරිඇල්ල නාමල් රාජපක්ෂගේ න්‍යායාචාර්ය ලෙස හඳුන්වන ආචාර්ය මහින්ද පතිරණ විසින් ඉතා පහත් මට්ටමකට ඇද දමා විවේචනයක් තිබේ.
පසුගිය දා නාමල් රාජපක්ෂගේ නායකත්වය යටතේ සජිත් පිලේ මෙම මන්ත්‍රීන් දෙදෙනා ඉන්දීය පෞද්ගලික විශ්ව විද්‍යාලයක ආරාධනාවක් අනුව සංචාරයක යෙදී තිබිණි. එම සංචාරයේ දී නාමල් රාජපක්ෂට ඉහළම ගෞරව දැක්වූ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පසු පෙළ ආසන ලබා දී කිසිදු පිළිගැනීමක් ලබා නොදුන් බව ආචාර්ය මහින්ද පතිරණ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
මේ අතර, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ඉන්දීය ජනරජ උළෙලෙහි රාජ්‍ය උත්සවය සඳහා ආරාධිතයන් දස දහසක් පමණ සහභාගී වූ අතර, නාමල් රාජපක්ෂ එයට සහභාගී කර ගත්තේ නම් එම සියළු ආරාධිතයන් අතර නොපෙනී යන බවයි. එවැනි තත්වයක් වළක්වා ගනිමින් ප්‍රධාන එකම ආරාධිතයා ලෙස නාමල් රාජපක්ෂව අදාළ පෞද්ගලික ආයතනය විසින් ගෙන්වා ගෙන ඇති බව මහින්ද පතිරණ වැඩි දුරටත් පෙන්වා දී ඇත.
මහින්ද පතිරණගේ විග්‍රහය පිළිබඳව විශ්ලේශණය කරන බොහෝ දෙනෙකු පෙන්වා දී තිබෙන්නේ මේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බිහි වන අධ්‍යාපන ක්‍රමය ඉතා ඉක්මනින් ම වෙනස් කර රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කළ යුතු බව ය.
4
Saru News










