සජබ අපේක්ෂකයකුට වෙඩි ප්‍රශාරයක්!

0
4

කළුතර මහ නගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින්  ඊයේ (07) රාත්‍රීයේ සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබේ.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ බන්දුල ප්‍රසන්න මහතාය.

මොහු ඉලක්ක කරගනිමින් මීට මාස 9කට පෙර ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය ද ව්‍යර්ථ වී ඇති බව පැවසේ.

පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිදු කළ පරීක්ෂා කිරීම්වලදී පිස්තෝලවලට යොදන ජීව උණ්ඩයක් සහ ජංගම දුරකථනයක් බිම වැටී තිබී හමුව ඇති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here