සංජය මහවත්ත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ??

0
4

“සිවිල් බුද්ධි පෙරමුණේ” සභාපති සංජය මහවත්ත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කළ යුතු බවට යෝජනාවක් ආණ්ඩුව තුළින් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

මෑතකදී පැවති ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බව සඳහන්.

ආණ්ඩුවට බරපතළ හිසරදයක්ව පවතින බාල ගල් අඟුරු පිළිබඳ චෝදනාවෙන් ආණ්ඩුව බේරාගැනීම සඳහා සංජය මහවත්ත පසුගිය දිනවල ක්‍රියාකාරී වූ අන්දම මෙම සාකච්ඡාවේදී ඉස්මතුවී ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ කැපී පෙනෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා විද්‍යාත්මක ලෙස මේ ගල් අඟුරු වංචාව පිළිබඳ චෝදනාවලට පිළිතුරු දීමට සංජය මහවත්ත සමත්ව ඇති බව එහිදී ආණ්ඩුවේ ප්‍රබලයින් පෙන්වාදී ඇති බවත් ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන් පවා මේ චෝදනාව හමුවේ පසුබාද්දී සංජය ඉතාම එඩිතර ලෙස මෙන්ම කාර්යක්ෂම ලෙස ආණ්ඩුව වෙනුවෙන් සෘජුවම පෙනී සිට ඇතැයි මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇති බවත් සඳහන්.

විශේෂයෙන්ම ගල් අඟුරු සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කළ අයට එරෙහිව සංජය මහවත්ත විසින් CIDයට පැමිණිලි කිරීම මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ ඇගයීමට ලක්ව ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ඒ අනුව සංජය මහවත්ත ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කරගෙන විපක්ෂයට දැඩි අභියෝගයක් එල්ල කිරීමේ යෝජනාවක් එහිදී ඉදිරිපත්ව ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

කලක් ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කරන සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි සංජය මහවත්ත මෑතක සිට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු මෙන් කටයුතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වෙමින් තිබෙනු දක්නට හැකිය.

The post සංජය මහවත්ත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here