දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේදී ලබන 02වැනිදා සිට විවෘත වන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පවසයි.
මෙරට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන්ට මෙතෙක් කටුනායක ගුවන් තොටුපලේදී හා නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී පමණක් තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙති ඔවුන්ට වඩාත් කාර්යක්ෂම හා පහසුවෙන් තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා හම්බන්තොට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ විශේෂ කවුන්ටරයක් ලබන 02වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Saru News








