නිශ්මං රණසිංහ පෙබරවාරි 28, කොළඹ LNW:
අර්බූද ගණනාවක් රටේ ඇති කළ රාජාංගනේ සද්ධාරත්න ස්වාමීන් වහන්සේ විසින් ප්‍රසිද්ධ මාධ්‍යයට මුදා හරින අසභ්‍ය වචන සහිත ප්‍රකාශ නිසා මීට ටික කළෙකට පෙර රාමඤ්ඤ නිකාය උන් වහන්සේව සංඝභාවයෙන් නෙරපා හැරීමට තීරණය කළේය.දැන් උන් වහන්සේ තවත් මහජන සාමය කඩවන ආකාරයේ කටයුත්තකට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය එලවා දැමීමට මාර්තු පළමු දින ක්‍රිකට් මූලස්ථානය අසළට පැමිණෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීම් කරමින් සිටිනවා.
මේ ආකාරයට කලබල කාරී ලෙස හැසිරීම පුරුද්දක් හැටියට පවත්වාගෙන යන සද්ධාරත්න හිමියන්ගේ මේ අස්වාභාවික හැසිරීම් ගැන සැළකිල්ල යොමු කළ අධිකරණය උන් වහන්සේගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කරගෙන කොළඹ ජාතික රෝහලේ මානසික සෞඛ්‍ය වාර්තාවක් රැඟෙන එන ලෙස ද නියෝග කර තිබුණේ 2025 ජූලි 09 වන දා ය.
එසේම ඔහුගේ හැසිරීම් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුකාරී තත්ත්වයන් නිසා ඊට පෙර ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජාංගණයේ සද්ධාරතන හිමියන් 2023 වසරේ ජූලි මස 12 වන දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලෙස නියෝග කරද්දී,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර තිබුණේ සද්ධාරතන හිමියන් විසින් පවත්වාගෙන යනු ලබන සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කරන ලද වීඩියෝවලින් ජාතීන් හා ආගම් අතර නොසන්සුන්තාවක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත්, ඇතැම් පුද්ගලයින්ට තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත්ය එසේම
සැකකාර හිමියන් පිටුපස විශාල පිරිසක් සිටිමින් පෙළඹවීම් සිදුකරන බවට සැකයක් මතු වී තිබෙන අතර විශාල වශයෙන් මුදල් හුවමාරු වීම් සිදුවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබිණ.
ක්‍රීඩකයන්ගේ පරාජය ගැන පරිපාලනයට එල්ල කළ හැකි හොඳම යෝජනාව ඔවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීමට වියදම් කළ මුදලට නිසි වටිනාකමක් නොදීම ගැන කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් වගකිව යුතු විවිධ මට්ටමේ නිලධාරීන් සහ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් අඩුම තරමේ කරුණු විමසීමක් හෝ නොකිරීමය.එම කරුණ හැරුණු විට මේ වන විට ශ්‍රි ලංකාවේ ක්‍රිකට් පරිපාලනය වැටුප් ගෙවා ගැනීමට නොහැකිව තිබූ තැන සිට එම ගැටළුව නිරාකරණය කර රටේ සිව් අතටම ක්‍රිකට් සම්පත් ගෙන යමින් සිටින අතර සෑම දිස්ත්‍රික්කයකම මේ වන විට පිරිමි හෝ කාන්තා කණ්ඩායම ජාතික මට්ටමෙන් නියෝජනය කළ අයෙකු දකින්නට හැකි තරමට ක්‍රිකට් ව්‍යාප්ත කර ඇත.
කායික මෙන්ම මානසික පුහුණුව ගැන ද,ලෝකයේ ඉහළම තාක්ෂණය යොදා ගෙන කරන කාර්ය සාධන වැඩ සටහන් ද සහිතව විශාල මුදලක් ක්‍රිකට් ව්‍යාප්තිය වෙනුවෙන් දරන ශ්‍රී ලංකා ක්‍රිකට් රටේ ආර්ථික අර්බූද පැන නැගුණු අවස්ථාවල ඒ සඳහා දායක වී ඇත.සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ගැටළු ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා අතර වෙනත් ක්‍රීඩාවන්ටද විශාල වශයෙන් මූල්‍යමය දායකත්වය සපයා ඇත.
එවැනි තත්ත්වයක් තුළ කණ්ඩායමේ ඇති විය යුතු වෙනස්කම් වෙනුවට ක්‍රිකට් පරිපාලනය වෙනස් කර ගැනීමට උවමනා ඇති පිරිස් විවිධ ආකාරයෙන් දේශපාලනමය වශයෙන් හෝ බලපෑම් කර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නිලවරණයකින් නොවී පත්වීමට උත්සාහ දරණ බවක් පෙනෙන්නට ඇත.එම උත්සාහය හරහා පත්වන්නට උත්සාහ කරන අයගේ පාලනය කුමනාකාරයක් ගනු ඇද්ද යන්න පිළිබඳව හොඳ සාක්ෂියක් හැටියට එම උත්සාහයන්ට නායකත්වය දෙන්නට සහ ජනතාව රැස් කරන්නට රාජාංගනේ හිමි වැනි අය යොදා ගැනීමෙන් පැහැදිළි වන්නේය.
රටේ පාලකයා වෙනස් කිරීම සඳහා පාරට බැස සාර්ථක වීම පිටුපස ඇත්තේ අපේ රටට අනන්‍ය වූ කාරණයක් සහ අපේ රටේ නායකයා පිළිබඳ ප්‍රශ්නයකි.එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය යටතේ පාලනය වන එ් හරහා නියාමනය වන සහ එයින් කරනු ලබන මාර්ගෝපදේශවලට යටත්ව කටයුතු කළ යුුතු ආයතනයකි.ඊට අනවශ්‍ය බලපෑම් කිරීමට ගියොත් ඇති විය හැකි තත්ත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් වීමය.
ඒ තත්ත්වය තුළ ඇති විය හැකි රටට අදාළ විපාක ගණනාවක් මතුවෙනු ඇත.රට පුරාම පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් අනුබද්ධ සංගම් පවතින අතර ඒවායේ වැටුප් ලබන සේවකයින් සිටියි.ක්‍රිකට් ආයතනයේ ද ,රට වටේ ද එවැනි සේවකයින්ගේ ජීවිතවලට වන බලපෑම සුළු නැත.එසේම ක්‍රීඩාංගණ නඩත්තුව මෙන්ම රට පුරා සිඳු කරන ක්‍රිකට් භාණ්ඩ බෙදා දීම ඇතුළු පහසුකම් නැති වෙනු ඇත.එසේම පරිපාලනමය වශයෙන් අයිසීසී තබන විශ්වාසය මත පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාවට ලැබුණු ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමේ අවස්ථාව හරහා රටට ලැබුණු ආදායම සහ විදෙස් මුදල් සංචිතයේ වර්ධනයට ලැබුණු පහසුකම් අහිමි වී යනු ඇත.
විශාල පිරිසට රැකියා අහිමි කරමින් ද,විශාල වශයෙන් විදෙස් මුදල් සංචිත පොහොසත් කිරීමේ කාර්යය නවතාලමින් ද රජයත් රටත් යම් අපහසුතාවයකට ගෙන යාමේ වැඩ සටහනකට,සැබෑ අනතුර තේරුම් නොගෙන පෙරට එන්නට රාජාංගනේ හිමියන් වැනි,තමන්ගේ චීවරයේ වටිනාකම පවා තේරුම් නොගත් අයෙකු හොඳට ගැලපේ.එහෙත් බලා සිටින්නට වන්නේ එවැනි නායකත්වයන් යටතේ රැස් වන රාජාංගනේ හාමුදුරුවන්ටත් වඩා අවුල් සහගත අය සිටිනවාද යන්න පිළිබඳවය.
පහතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසළ මාර්තු 1 වන දාට මිනිසුන් කැදවීමට සද්ධාරතන හිමි සමාජ මාධ්‍ය ජාලිය ඔස්සේ සිඳු කරන ඉල්ලීමට පහතින් පිවිසිය හැකිය.
https://www.facebook.com/share/v/17ybaXTAF6/

The post සංඝභාවය රැක ගැනීමට නොහැකි වූ රාජංගනේ හාමුදුරුවෝ ක්‍රිකට්භාවය රැක ගැනීමට නායකත්වය දීමට එයි. appeared first on LNW Sinhala.
Saru News












