ශිරන්ති පැය 04කට පසු FCIDයෙන් පිටව යයි – Saru News | සිංහල

0
6

අද (03) පෙරවරු 9.30ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂගෙන් පැය 04කට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටින සමයේ “සිරිලිය” නමින් පවත්වාගෙන ගිය ප්‍රකට ගිණුමේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අනුව ශිරන්ති රාජපක්ෂ එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

ශිරන්ති රාජපක්ෂට ඉකුත් ජනවාරි 27 වැනිදාද ප්‍රකාශ ලබාදීම සඳහා කැඳවා තිබූ නමුත් එදින එහි නොපැමිණි ඇය වෙනත් දිනයක් ඉල්ලා සිටින ලදී. ඒ අනුව අද දින ඇයව නැවත කැඳවා තිබී ඇත.

වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව සිදු කළ විමර්ශනවලදීද “සිරිලිය” සංවිධානයට ලබා දී තිබූ ඩිෆේන්ඩරයක් පිළිබඳවද විමර්ශන සිදු කරන ලදී.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය “සිරිලිය” ගිණුම සම්බන්ධයෙන් වන මූලික විමර්ශනයක් ආරම්භ කරන ලද්දේ 2015දී යහපාලන ආණ්ඩුව සමයේය.

එම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට යාමේදී එම නිලධාරීන්ට සිදු වූයේ කථානායක නිල නිවසට ගොස් එම ප්‍රකාශය ලබා ගැනීමටය. ඒ අනුව 2015 ජූනි 01 දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (FCID) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් එම ප්‍රකාශය ලබාගනු ලැබූවේ කතානායක නිල නිවසේදී ය. එවකට කථානායක චමල් රාජපක්ෂය.


10

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here