ශිරන්ති අද FCIDයට, නාමල් අද CIDයට

0
8

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ සහ ඔවුන්ගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේත් අද (03) දින පෙරවරු 9.30 ට පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

‘‘සිරිලිය සවිය’’ නමැති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සහ එහි ගිණුම් පිළිබඳ කරන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත එලෙස කැඳවා තිබේ.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එලෙස කැඳවා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අදාළ විමර්ශනයන්ට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් සහ නාමල් රාජපක්ෂගෙන් අද දින ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here