ශාන්තිකර්මයක් මුවාවෙන් රුපියල් තිස් අට ලක්ෂයක රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවෙකු සොයා විමර්ශන්

0
12


අපල උපද්‍රව දුරු වීම සදහා යැයි පවසා යාථිකාවක් කරන මුවාවෙන් රුපියල් 38 ලක්ෂ 70,000ක් වටිනා රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව හලාවත පොලීසිය පවසනවා.

එම සිද්ධියට මුහුණපා ඇත්තේ හලාවත – මුන්නේෂවරම් ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙක්. 

ඔහු පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මුන්නේෂ්වරම් දේවාලය ආසන්නයේදී හමුවූ පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු තමන්ට සාස්තරයක් කියූ බවයි.

තමන්ට සහ දරුවන්ට දැඩි අපල කාලයක් උදාවී ඇති බව අදාළ පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරා වෙත ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ අනුව එක් පුද්ගලයෙකු සිය නිවසට පැමිණ ශාන්තිකර්මය සිදුකල බවත්, ඔහු පැවසූ ආකාරයට තමන්ට, බිරිදට සහ දරුවන්ට අයිති රන් ආභරණ මුට්ටියක දමා පූජා භාණ්ඩ ලෙස ශාන්තිකර්මය සිදුකල යුතු බවත් පවසා තිබෙනවා.    

ඒ අනුව ඔහු පැවසූ අයුරෙන් එය සිදුකල බවත් දින 04ක කාලයක් යන තුරු එම මුට්ටිය විවෘත නොකරන ලෙසට ද එම පුද්ගලයා දැනුම් දුන් බවත් ත්‍රිරෝද රථ රියදුරා පොලීසිය හමුවේ සිදුකල පැමිණිල්ලේ සඳහන්. 

කෙසේවෙතත් ඇති වූ සැකය මත මුට්ටිය විවෘත කර බැලීමේදී එහි රන් භාණ්ඩ නොතිබූ බවයි ත්‍රිරෝද රථ රියදුරා පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here