ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට කඩුලු 4ක ජයක්

0
12

ශ්‍රී ලංකා යොවුන් පිල සුපිරි හයදෙනාගේ වටයේ පළමු ජය වාර්තා කළේය.

ඒ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ අද (26) පැවති තරගයෙන් ජයගැනීම කඩුලු 4ක ජයක් ලබා ගැනීමත් සමඟය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49.5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 193කි. 

එහිදී ඔස්මන් සදාට් ලකුණු 61ක් සහ අසිසුල්ලාහ් මියාඛිල් ලකුණු 43ක් රැස්කළහ. 

පන්දුයැවීමේදීම කුගදාස් මදුලන් සහ විරාන් චමුදිත කඩුලු දෙක බැගින් දවාගත්තහ. 

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 46යි පන්දු 5කදී කඩුලු 6ක් දැවී ලකුණු 194ක් වාර්තා කළේය.

මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී පැවැත් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here