ශ්‍රී ලංකාව සමඟ චීනයෙන් නව ගුවන් සේවාවක්

0
10

චීනයේ කැපිටල් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් යානයක් අද (31) පස්වරුවේ බෙයිජිං නුවර – ඩැක්සිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. 

ඒ, දෙරට අතර නව ගුවන් ගමන් සම්බන්ධතාවක් ආරම්භ කරමිනි. 

මෙම මංගල ගුවන් ගමන සඳහා ඒ-330 එයාර් බස් යානයක් යොදවා තිබූ අතර එම යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසි අවස්ථාවේදී ජල ආචාර පවත්වා පිළි ගනු ලැබීය. 

අද (31) දින පස්වරු 01.46ට චීනයේ බෙයිජිං නුවර සිට කැපිටල් ගුවන් සේවයේ ජේ.ඩී – 487 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එහි ගුවන් මගීන් 170ක් සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු සිට ඇත. 

මින් ඉදිරියට මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම  අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවල පස්වරු 02.20ට කටුනායක  ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් එදින පස්වරු 04.20ට චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිත අතර මෙම ගුවන් ගමන සඳහා පැය 08ක ගුවන් කාලයක් ගත වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here