ශ්‍රී ලංකාවේ පැවති චීන සැමරුමට මෙදා ඉන්දීය මහකොමසාරිස් ඇවිත්…..

0
2

මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරය පසුගිය බ්‍රහස්පතින්දා (25දා) කොළඹදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර ඒ සඳහා වත්මන් රජයේ මැති ඇමැතිවරුන්, හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

මෙම උත්සවයේදී චීන ජාතිකයන් මියුරු හඬින් සිංහල ගීත ගායනා කරන ආකාරය ද දක්නට ලැබිණි.

වෙනදා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන චීන සැමරුම් සඳහා ඉන්දීය නියෝජිතයන් සහභාගි නොවන නමුත් මෙවර සැමරුම සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද පැමිණ සිටීම සුවිශේෂී විය. එය මෙම බලවත් දෙරට අතර සබඳතා වඩා යහපත් අයුරින් ශක්තිමත් වී ඇති බවට ද හොඳ සාක්ෂියක් විය.

මෙරට චීන තානාපති කි ශේන්හොන් මහතා, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට එක්ව සුහද සාකච්ඡාවක යෙදී සිටි අයුරු මෙලෙස සේයාරුවට ලක්විය.
චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here