ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්… සුපිරි 08 දෙනාගේ වටයට… – Saru News | සිංහල

0
4

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරමින් මේ වනවිට පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර නුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ අද (16) පැවති තරගයෙන් කඩුලු 08කින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 181ක් පමණි.

පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Travis Head ලකුණු 56ක්, Mitchell Marsh ලකුණු 54ක් හා Glenn Maxwell ලකුණු 22ක් ලබාගන්නා ලදී.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂාන් හේමන්ත කඩුලු 03ක්, දුෂ්මන්ත චමීර කඩුලු 02ක්, දුනිත් වෙල්ලාගේ, කමිඳු මෙන්ඩිස්, හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 02ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූහ.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් හා නොදැවී පන්දුවට පහරදුන් පවන් රත්නායක ලකුණු 28ක් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 100ක් ලබා ගන්නා ලදී.

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟවාලියේ ශතකයක් ලබාගත් පළමු ක්‍රීඩකයා වන්නේ පැතුම් නිස්සංක වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබීමත් සමග ශ්‍රී ලංකාව සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවට අමතරව මේ වනවිට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම් සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිති.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here