ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාවේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

0
17


දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළදී මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමේ අවස්ථාවට අද (06) එක්වෙමින්.

එමෙන්ම, අදාළ කාල සීමාව තුළදී ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.

ඊට අදාළ සාකච්ඡාවක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (06) මහනුවරදී පවත්වා තිබෙනවා.

සිරි දළදා වන්දනාව ලබන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here