ශ්‍රීපාද උඩ මළුවේ හිස තෙල් ගෑමේ උත්සවය සදහා විශෘල පිරිසක් එක් වෙයි

0
14


ශ්‍රීපාද උඩ මළුවේ හිස තෙල් ගෑමේ උත්සවය ශ්‍රීපාද භාරකාර දොරපනේ සුමන ජෝත්‍හිමියන්ගේ ප්‍රධානත්වයෙන්අද දින උදෑසන 9.04 ට සිදු කෙරුනා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රීපාද උඩ මළුවේ වැඩ සිටින මහ සංඝරත්නය, කපු මහතුන්, කාර්යමණ්ඩලය, ආරක්ෂක අංශ නිළධාරින් සහ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් හිස තෙල් ගෑමේ නැකතට එක් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

ශ්‍රීපාදස්ථානාධිපති ශ්‍රිපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි ශ්‍රීපාද උඩ මළුවේ හිස තෙල් ගෑමේ උත්සවය සංවිධානය කර තිබුනා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here