ශ්‍රිලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගැන ADB එකෙන් සහතිකයක්

0
15


2026 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.5ක් දක්වා ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් මහත්මිය පවසනවා .

ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි දැක්ම එළිදක්වමිනුයි ඇය මේ බව සඳහන් කළේ .

පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පෙන්වා දුන් ලිලියා අලෙක්සාන්යාන් මහත්මිය පැවසුවේ මේ වසරේදී එම අගය 3.9ක් ගනු ඇති බවයි.

එමෙන්ම මෙහිදී විශේෂයෙන්ම ඇය පෙන්වා දුන් කරුණක් වන්නේ, චීනය මේ වසරේදී එම අගය 4.7ක් ගනු ඇතැයිද 2026දී එය 4.3ක් දක්වා අඩු වනු ඇති බවද පෙන්වා දී තිබෙනවා .

බංග්ලාදේශය මේ වසරේදී එම අගය 3.9ක් ගනු ඇතැයිද 2026 වසරේදී බංග්ලාදේශය 5.1ක් කරා එනු ඇති බවද ඇය පුරෝකථනය කර තිබෙනවා .

එමෙන්ම ඉන්දියාව මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතය 6.7ක් ගනු ඇති අතර එය 2026 වසරේදී 6.8ක් ගනු ඇති බවයි ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් වැඩිදුරටත් සඳහන් කළේ .

 

 

 

 

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here