ශවේන්ද්‍රට එරෙහි සම්බාධක ගැන ආණ්ඩුවේ මතය මොකද්ද?

0
13


හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසකට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අදහස් පළ කළා. ඒ, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

Neth Sound · NAMAL 02

ශ්‍රී ලංකාවට සාමය ලබා දුන් පුද්ගලයින්ට විදේශීය බලවතුන් පහර දෙන විට රජය ඔවුන් ආරක්ෂා කරනවාද, නැතහොත් නිහඬව සිටිනවා ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරනවා.

Neth Sound · NAMAL 03

X පණිවිඩයක් ද යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ එක්සත් රාජධානියේ නවතම සම්බාධක මානව හිමිකම් ගැන නොව LTTE සහාය ලත් පුද්ගලයින්ගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවයි.

ඇතැම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම සඳහා වරප්‍රසාද ලබා ගන්නා ඇතැම් දෙමළ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට හසු නොවන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙමළ ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here