වසන්ත සමයේ උදාවත් සමඟින් ලොව පුරා උද්‍යාන මේ වන විට මලින් පිරී ගොස් තිබෙනවා
ඇමරිකාවේ වොෂින්ටන් නුවරත් වසත් සමයට චෙරි මලින් පිරී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍යයන්ගේ විශේෂ අවධානයට ලක්වූ සිදුවීමක් බවට පත්වුණා
චෙරි මල් නැතහොත් සකුරා මල් වලට වඩාත් සුප්‍රසිද්ධ රාජ්‍යය වන්නේ ජපානයයි
ජපානය, චෙරි මල් – සකුරා මල් වලට වඩාත් සුප්‍රසිද්ධ වුවත් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයත් සෑම වසරකම මාර්තු මාසයේදී චෙරි මලින් පිරී යාම විශේෂත්වයක්
ඒ සංචාරකයින් දහස් ගණනකගේ ආකර්ෂණයද දිනා ගනිමින්
ජපානය 1912 දී ඇමෙරිකාවට ත්‍යාග ලෙස චෙරි ගස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ
ඒ ජපාන සහ ඇමෙරිකානු ජනතාව අතර මිත්‍රත්වය සනිටුහන් කරමින්
ජපානය සේම ඇමෙරිකාවත් වාර්ෂිකව චෙරි මල් වසන්තය සැමරීමෙන් දෙරට අතර පවතින මිත්‍රත්වය සංකේතවත් කෙරෙනවා
Saru FM Media