Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් වෛද්‍ය පියා ෂාෆිට එල්ලවූ ‘වඳ කතා’ නිසා පාසල හැරයන්නට සිදුවූ දියණිය ප්‍රයිවෙට් කර...

වෛද්‍ය පියා ෂාෆිට එල්ලවූ ‘වඳ කතා’ නිසා පාසල හැරයන්නට සිදුවූ දියණිය ප්‍රයිවෙට් කර මෙඩිකල් තේරෙයි

0
10


daughter-who-had-to-leave-school-due-to-sterility-rumors-leveled-at-her-doctor-father-shafi-now-takes-private-medical-treatment

මුස්ලිම් විරෝධය මතුකර දේශපාලන වාසි ලබාගන්නට 2019 වසරේ පැවති රජය කුප්‍රකට ‘වඳ සැත්කම්’ මාධ්‍ය ප්‍රබන්ධයක් නිර්මාණය කර තිබූ අතර එහි ගොදුරක් බවට පත්වූයේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ය. ඔහුට පුද්ගලිකව එල්ලවූ ගැටලුකාරී තත්වය නිසා ඔහුගේ දියණියට පාසලින් අස්වෙන්නට පවා සිදුවූ අතර පසුව ඇය පාසල් ගියේ නැතිව නිවසේ සිට අධ්‍යාපනය ලබා පුද්ගලිකව විභාගයට මුහුණදුන්නේ

සමාජ පීඩනය මැදයි. එසේ විභාගයට පෙනී සිටි මොහොමඩ් ෂාෆි ෆාතිමා සයිනැබ් සිසුවිය මෙවර උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්ව A සාමාර්ථ තුනක් ලබා ඇති අතර අනුරාධපුරයෙන් විභාගයට පෙනී සිටි ඇය දිස්ත්‍රික් 12 වෙනියා මෙන්ම දිවයිනෙන් 357 වෙනිියා වී ඇත. ඉසෙඩ් අගය 2.2780 හිමි ඇයට වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට අවස්ථාව පවතින බව වාර්තාවේ.
2019 වසරේ එවක රජයේ යම් යම් දේශපාලන අවශ්‍යතාවන්ට අසත්‍ය වන්ධ්‍යාකරණ චෝදනාවලට ලක් වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ දියණිය උත්සාහවන්තව කටයුතු කර මෙවර උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම ධෛර්යවන්ත දියණියකගේ ආදර්ශමත් කතාවක් බවට පත්වන්නේය.

මෙම ආන්දෝලනාත්මක සිද්ධිය අතරතුර පවුලට මුහුණ දීමට සිදු වූ දැඩි අපහාස හා මානසික පීඩනය හේතුවෙන් පාසල හැර යෑමට සිදු වුවද, ඇය පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස විභාගයට පෙනී සිටිමින් සුවිශේෂී ධෛර්යය හා චිත්තශක්තිය ප්‍රදර්ශනය කර ඇත.
මීට පෙර ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන්ද A සාමාර්ථ 9ක් ලබා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කර තිබූ අතර, තම පියා මෙන් වෛද්‍ය වෘත්තියට පිවිසී ජනතාවට සේවය කිරීමේ සිහිනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.
රජයේ උවමනාවට මාධ්‍ය කිහිපයක් මගින් ගොතන ලද ප්‍රබන්ධයක්වූ “මුස්ලිම් වෛද්‍යවරු සිංහල දරුවන් වඳ කිරීමේ කතාව” ජාතීන් දෙපිරිස අතර ජාතිවාදය වැපිරීමටත් ඒතුලින් සිංහලයා වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු රටට අවශ්‍යය යන පණිවිඩය ලබාදීමටත් උත්සාහ දරා තිබුණි.
පසුව විභාග කළ කරුණු වලින් පෙනී ගියේ දරුවන් වඳවූ බවට සිය ගණන් සාක්ෂි මාධ්‍ය වෙත ලබාදුන් කිසිවෙකු නීතිය හමුවේ සොයාගන්නටවත් නැතිවීමකි.
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුව අත්හැර දැමීමට තීරණය කළ අතර මේ හේතුවෙන් ඇතිවූ භේදය හා අවිශ්වාසය කණගාටුදායකය.කුරුණෑගල රෝහලේ දරු ප්‍රසූති සඳහා ඇතුළත්වීම්ද මේ දක්වා සීමාසහිතව තිබේ.
සෘජුවම වෛද්‍යවරයා ඉලක්ක කර පැවති සමාජ පීඩන පසුබිම තුළ, මේ දියණියගේ ජයග්‍රහණය කැපී පෙනෙයි.

gossiplanka image 3

gossiplanka image 2



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here