වෙසක් දවසේ ක්‍රීඩා ඇමතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹුන බොක්සිං

0
6


නිශ්මං රණසිංහ මැයි 13, කොළඹ LNW:

ආසියානු බොක්සිං සංගමය විසින් මෙහෙයවන ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මැයි 12 වන වෙසක් දිනයේ දී සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. මිනිසුන්ගේ විවිධ සංස්කෘතික කැමත්තන් මත විශාල වාරණයන් වැටෙන දවසක් සහ නිදහස ඇහිරෙන දවසක් වශයෙන් සැළකෙන ලංකාවේ වෙසක් නිවාඩුව දවසේ,ජාත්‍යන්තර ක්‍රීඩා උත්සවයක සමාරම්භය සිඳු කිරීම සහ එයට රජයේ ආශිර්වාදය හිමි වීම අගය කළ යුතුයි.

සංස්කෘතික වශයෙන් රටේ ප්‍රධාන ආගම ලෙස බෞද්ධාගම සළකා සෑම පුර පසළොස්වක දිනයකම වෙනත් ආගම් අදහන අයටත් බලපාන පරිදි වාරන පැනවෙන නිවාඩු දවසක් හැටියට ක්‍රියාත්මක වීම නොකළ යුතු දෙයක් හැටියට විශ්වාසයට ගත යුතු වෙනවා.එවැනි වාතාවරණයක ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යංශය ස රජය එකඟ කරවා ගනිමින් ආසියාතික ක්‍රීඩා ඉසව්වක් වෙසක් පොහොය දවසේ ආරම්භ කිරීමට සහභාගි වීම යහපත් තත්ත්වයක් බව දැකිය හැකියි. මෙම සමාරම්භක අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ද එක්විය.

වසර 57ට පසු ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන මෙම තරඟාවලිය සදහා නේපාලය, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ප්‍රංශ පොලිනීසියාව, තායිලන්තය, , මැලේසියාව, සෞදි අරාබිය, පලස්තීනය, කිර්ගිස්තානය, ඉන්දියාව ඇතුළු රටවල් 23 ක් මෙම අවස්ථාවට එක් වෙනවා. එසේම මැයි 12 වන දා සිට මැයි මස විසිතුන (23) දින දක්වා තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිතයි.

සමාරම්භක අවස්ථාවට එක් වෙම්න් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වසර ගණානාවකට පසු මෙවන් තරඟාවලියක් දේශිය වශයෙන් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා බොක්සිං සම්මෙලනය ට සුබ පැතුම් එක් කරන බවයි. එසේම ලංකාවේ සෑම ක්‍රීඩාවකටම ජාත්‍යන්තරය ජය ගැනීමට සහ ජාත්‍යන්තරය තරඟාවලි සංවිධානය කිරීමට අවශ්‍යය සියලු පහසුකම් සැපයීමට අමාත්‍යංශයක් ලෙස කටයුතු කරන බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම සමස්ථ ජනතාවම ක්‍රීඩාව සමඟ අත්වැල් බැඳගන්න පැමිණෙන ලෙසත් ආරාධනා කරන බවත් ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාවට යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරද ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ එක්ව සිටියා.මේ සමඟ සමාරම්භක උත්සවයේ අවස්ථා සහ තරගාවලියේ අවස්ථා කිහිපයක් ඡායාරූප ලෙස එක් කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here