Friday, May 16, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් වෘෂණ කෝෂ ප්‍රහාරයේ වීඩියෝත් මකලා – ටීචර් අම්මා ඇප ලබාගත් හැටි

වෘෂණ කෝෂ ප්‍රහාරයේ වීඩියෝත් මකලා – ටීචර් අම්මා ඇප ලබාගත් හැටි

0
6


gossiplanka image 1

 තමන් ළඟ සේවය කරමින් සිටි තරුණ සේවකයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි
“ටීචර් අම්මා” නමැති හයේශිකා ප්‍රනාන්දු ඔන්ලයින් ගුරුවරිය දින කිහිපයක් පොලිසිය මග හැරීමෙන් පසු විශාල නීතීඥ කණ්ඩායමක් සමග ඊයේ අධිකරණයට භාර වූවාය.

විශේෂිත කරුණක් වන්නේ අධිකරණය මගහැර සිටීම, තරුණයෙකුට අමානුෂික ලෙස පහරදීම වැනි චෝදනා වල ප්‍රධාන චූදිත කාන්තාව බවට පත්වූ ඇයට ඊයේ අධිකරණයේ ගත කළ සුළු වේලාවෙන් පසු ඇප නියමවීමය. ඒ අනුව ඇය අත්අඩංගුවට පත්වීමක් නොකර ඇප ලබා නිවසට යාමේ වාසනාවන්තියක බවට පත්විය.
ටීචර් අම්මා ඊයේ දහවල් සුදු පැහැති සාරියකින් සැරසී මුඛාවරණයක් පැලඳ අධිකරණයට පැමිණ සිටි බවත් ඇය එක්වරම හඳුනාගන්නට අපහසු ආකාරයෙන් දිස්වූ බවත් අධිකරණ වාර්තාකරුවන් පවසා තිබේ.
ටීචර් අම්මා  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු ඇපමත මුදාහරින ලෙස නියෝග කර තිබුනේ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශනා පේමරත්න මහත්මියයි.


ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා හයේෂිකා නමැත්තිය වෙනුවෙන් ඇප ඉල්ලා සිටිමින් පවසා තිබුනේ ඇය දිවයිනේ දහස් ගණන් පිරිසකට අන්තර්ජාලය ඔස්සේ පන්ති පවත්වන අධික කාර්යබහුල තැනැත්තියක බවත් ඇය රිමාන්ඩ් කළොත් විශාල සිසුදරුවන් පිරිසකට ඉගෙනීම අඩාළ විය හැකි බවත්ය.
එසේම ඇය අතුරුදන්ව සිටියේ සිද්ධිය නිසා ඇති වූ කම්පනය නිසා බවත් අධිකරණය මගහැරීමට උවමනාවක් නොතිබූ බවත්ය.
මෙම සිද්ධිය වාර්තාවූ අවස්ථාවේ පහරකෑ තරුණයාගේ සාක්ෂි මත අත්අඩංගුවට පත්වූ හයේෂිකාගේ  සැමියා චානක විශ්වජිත් සහ ඇයගේ කළමනාකරු ප්‍රණීත සුරේන්ද්‍ර වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇප ඉල්ලා තිබූ අතර ඔවුන්ටද ඇප හිමිවිය
මීට අමතරව සිද්ධියට ආධාර අනුබල දුන් නිසා අත්අඩංගුවට පත්ව සිටි එම කාර්යාලයේ සේවකයින් වන දිලාන් සහ මලීෂ යන දෙන්නා පොලිසිය හමුවේ සාක්ෂි සැඟවීම යන චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


ඔවුන් දෙන්නා මෙම තරුණයාට හයේෂිකා ඇතුළු වැඩිහිටියන් පහරදෙන අයුරු වීඩියෝ කරමින් සිටි බවත් තරුණයා‍ තුවාලවී රෝහල් ගත කළ අවස්ථාවේ රෝහල් පොලිසියට මේ දෙන්නා ගැන දන්වා ඔවුන්ගේ වීඩියෝ සාක්ෂි ලබාගන්නට තරුණයා පොලිසියට තොරතුරු ලබාදුන් බවත් පැවසිණි.
නමුත් පොලිසිය ඔවුන් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය ගැන නොදන්නා බව පවසා ඇති අතර ඔවුන්ගේ දුරකථන පරීක්ෂා කිරීමේදී වීඩියෝ සාක්ෂි මකාදමා සාක්ෂි වසන්කර තිබූ බවත් හෙළිව ඇත.
 සිද්ධිය වීඩියෝ ගත කර එම සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් මෙම කාන්තාව සමග සේවය කරන දිලාන් සහ මලීෂ යන දෙදෙනාද පොලිසිය විසින් සැකකරුවන් ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කළ අතර හයේෂිකාගේ අනුග්‍රහයෙන් ජනාධිපති නීතිඥවරු දෙදෙනා ඇතුළු නීතිඥ මණ්ඩලය ඔවුන් වෙනුවෙන්ද කරුණු දක්වන්නට යොමු විය.
 සැකකාරිය සහ සෙසු සැකකරුවන් හතරදෙනා චෙනුවෙන් ඇප ඉල්ලා දීර්ඝ ලෙස කරුණු දැක්වීමෙන් පසු සියල්ලන්ට ඇප ප්‍රදානය කරන්නට අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කළේ කොන්දේසි කිහිපයක් මතයි.


ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම කාන්තාව ඇතුළු පස්දෙනා ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.මෙම නඩුව යළිත් සැප්තැම්බර් 14 වැනිදා කැඳවීමට නියමිතය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදුසිංහ මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ප්‍රියන්ත ලාල් මහතා පෙනී සිටියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here