විසි පස්වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දේශබන්දුට නොතීසි

0
10


සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එළඹෙන විසි පස්වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

ඒ, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පසුගිය දහ වනදා ඇප ලබා අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියා කිරීම හේතුවෙන්. 

එදින දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණ භුමියෙන් පිටතට රැගෙන යාම සඳහා භාවිතා කළ මෝටර් රථයේ හිමිකරුට ද අප්‍රේල් මස විසි පස්වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here