විවාහයකදී එකිනෙකාගේ සතුට ගැන සිතීම ඔබ දෙදෙනාම සතුව පවතින වගකීමකි.එක් අයෙක් හෝ අසතුටින් සිටීම විවාහයක් බිඳ වැටීමක් දක්වා වුවත් යන්නට පුලුවන්. පලුදු වූ ආදරය නැවත පණ ගන්වා ගෙන විවාහය අලුත් කරගන්නට ඔබට පුලුවන් වන්නේ ඔබේ විවාහය තුල ඔබ අසතුටින් බව ඔබ හරියටම හඳුනා ගත්තොත් පමණයි.ඔබේ විවාහය තුල ඔබ අසතුටින් සිටින බව හැඟවෙන ඉඟි ගැන මේ ලිපියෙන් මේ අපි කතා කරන්නේ ඒ නිසායි
පෙර පරිදි ඔබේ සැමියා ඔබ ගැන අවධානය යොමු නොකරන බවක් ඔබට දැනෙනවා නම් ඒක ඔබ හිතන්නම ඕන කාරණාවක්. ඔහු ඔබව නොසලකා හරින බව, ඔබව අගය නොකරන බව ඔබට දැනෙනවා නම් ඒ ගැන බොහොම විවෘතව ඔහු හා සාකච්ඡා කරන්න ඔබට පුලුවන්.සමහරවිට එය ඔබේම වරදක් නිසා සිදුවන දෙයක් වෙන්නට පුලුවන් නිසා සාකච්ඡා කිරීම වැදගත්.
සැමියා සහ බිරිඳ අතර ඉතා හොඳ ලිංගික සම්බන්ධයක් තිබීම විවාහයක සතුටට හේතුවන එක් සාධකයක්. ඔබ දෙදෙනාගෙන් මේ වනවිට එම සාධකය ගිලිහිලා ගිහින් නම්, නැතිනම් ඉඳහිට හෝ එය සිදුවුවත් එයින් ඔබ දෙදෙනා තෘප්තිමත් නොවෙනවා නම් එය නොසලකා හැරීම නම් එතරම් සුදුසු නැහැ. මෙය ඔබ ඔබේ සැමියා සමඟ සාකච්ඡා කල යුතුම තත්වයක්.
ඔබ සැමියා හා සන්නිවේදනය කිරීම අවසානයේ තර්ක කිරීමක් බවට පත් වෙනවා නම් , එකිනෙකා විසින් එකිනෙකාව පැරදවීමට කරුණු ගෙනහැර පානවා නම් එය එතරම් හොඳ තත්වයක් නොවෙයි.සාර්ථක විවාහයක් කෙරෙහි විවෘත සන්නිවේදනයක් අවශ්‍ය බැවින් අනෙකාගේ අදහස් වලට ගරු කිරීම , අනෙකාට ඇහුම්කන් දීම සහ අනෙකාගේ අදහස් පිළිගැනීම ඔබ දෙදෙනාම අතින් විය යුතු දෙයක්.
ඔබ දෙදෙනා අතර පෙර තිබූ අවබෝධ ක්‍රම ක්‍රමයෙන් අඩු වෙලා යන ආකාරයක් ඔබට දැනෙනවා නම් එය සැලකිය යුතු තත්වයක්.අනෙකාට දොස් පැවරීම , අනෙකා ගැන ඉක්මනින් විනිශ්චය කිරීම , බැන වැදීම සහ සැක කිරීම වැනි දේවල් නිතර නිතර සිදු වෙනවා නම් ඔබ එවැනි තත්වයන් වළක්වා ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන්නට ඕනේ
විවාහක යුවළක් ඉඳහිට ගැටුම් ඇති කරගැනීම සාමාන්‍ය දෙයක් වුවත් සෑම විටම අනෙකාව ,අනෙකාගේ ක්‍රියාවන් විවේචනය කිරීම එතරම් හොඳ ලකුණක් නෙමෙයි.ඔහුගේ ක්‍රියාවන් ඔබට නුරුස්සන ස්වභාවයක් දැනෙනවා නම් , ඔහුගේ වැරදි පමණක්ම ඔබට පෙනෙන්නට තිබෙනවා නම් එය ඔබ ඔබේ විවාහය තුළ සතුටින් නොසිටින බවට කෙරෙන අනතුරු ඇඟවීමක්
ඔබ ඔබේ සහකරු සමඟ කාලය ගත කිරීමට වඩා තනිව ගත කරන අවස්ථාවන් සුවදායක බව හැඟෙනවා නම් එයින් අදහස් වන්නේ ඔබ ඔබේ විවාහය තුළ අසතුටින් සිටින බවයි.ඔහු නිවසේ සිටියත් ඔබ ඔහුව මග හරිමින් කටයුතු කරනවා නම් , ඔහු හා ගෙවන්නට ලැබෙන අවස්ථාවන් මග හරිනවා නම් එය එතරම්ම හොඳ දෙයක් නෙමෙයි
විවාහයක් තුළ දුරස්ථභාවය සහ අවිශ්වාසය වර්ධනය වන විට, ඔබ ඔබේ සහකරු නොමැතිව ජීවිතය මවා ගැනීමට පටන් ගනී.ඔබ තනිව දවස ගත කරන ආකාරය , ඔබේ සති අන්ත වල ඔබ තනිව සාප්පු සවාරි යාම , ඔබේ ජීවිතයේ වැදගත් අවස්ථා ඔහු නැතිව සැමරීම වැනි දෑ ගැන ඔබ තනිවම සිහින මවාගනියි.විවාහයකදි මෙය එතරම් හොඳ තත්වයක් නොවන නිසා ඔබ ඒ ගැනත් හිතන්නට ඕනෑ
විවාහයකදි දෙදෙනාම සතුටින් සිටීම අතිශය වැදගත් වන අතර එසේ සතුටින් නොසිටිනවා නම් එය හඳුනා ගෙන එය වළක්වා ගැනීමට පියවර ගැනීමෙන් අනාගතයේදි ඇතිවිය හැකි දරුණු සිත් රිදීම් සහ ආරවුල් මග හැරගන්නට ඔබට පුලුවන්
Saru FM Media