විපක්‍ෂයේ පක්‍ෂ කිහිපයක් අදත් තැන තැන සාකච්ඡාවල

0
5


විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් වන සාකච්ඡා කිහිපයක් අද දිනයේද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග වෙන වෙනම අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ද ඒ අතරට අයත් වනවා. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන නියෝජිතයන් කිහිප දෙනෙකුද අතරද අද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව සිය පක්‍ෂය සහය ලබාදෙන්නේ කෙලෙස දැයි එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නියෝජිතයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා.
 

විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව ඊයේ දිනයේදීද සාකච්ඡා තුනක් පැවැත්වුණා. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

ඒ, එක්සත් ජාතික පක්‍ෂය සහ එම පක්‍ෂ සමග සම්බන්ධ වී සිටින දේශපාලනඥයන් කිහිප දෙනෙකු අතරයි.
 

තවත් සාකච්ඡාවක් පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. 

ඊට විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.
 

අනෙක් සාකච්ඡාව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් අතර පැවැත්වුණා.
 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here